Cricket NewsEXCLUSIVE

සිය පළමු එක්දින තරඟය ක්‍රීඩා කල 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේට තරඟයෙන් අනතුරුව Maxwellගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරය.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවති තරඟයෙන් කඩුලු 2කක තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් වුනා.

අනතුරුව ලකුණු 301ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිසියත් හදිසියේ ඇදහැළුණු වර්ෂා තත්වය හේතුවෙන් තරඟයේ ජයග්‍රහනය සඳහා පන්දුවාර 44ක් තුල ලකුණු 282ක ඉලක්කයක් ඕස්ට්‍රේලියානුවන්ට හිමි වුනා.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා සහ ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වූ Glenn Maxwell ලකුණු 80ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වුනා.

ඒ අනුව 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුනා.

මේ අතර අද තරඟයේදී ජාත්‍යන්තර එක්දින වරම් හිමි කරගත් 19 හැවිරිදි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාගේ හට තරඟයේ වීරයා වූ Glenn Maxwellගේ උණුසුම් සුභ පැතුම් හිමි වුනා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් සිය මංගල එක්දින කඩුල්ල ලෙස ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු Steve Smithගේ කඩුල්ල දවා ගැනීමට සමත් වු අතර තරඟය පුරාවට කඩුලු 2ක් බිඳ හෙලුවා.

තරඟයෙන් අනතුරුව Glenn Maxwellගෙන් දුනිත් වෙල්ලාලගේට උණුසුම් ප්‍රතිචාර ලැබුණු ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button