ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට ගෙන ගිය අපරාජිත ස්ටෝක්ස් මැකලම් යුගයේ මීලඟ අභියෝගය “අලු බඳුන”
සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රිකට් තරඟ රටාව වෙනත් මානයකට යොමු කරන්නට බෙන් ස්ටෝක්ස් ප්රමුඛ එංගලන්තයට හැකි විය.එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් හිටපු නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් පත්වීම් ලැබීමෙන් අනතුරුව එංගලන්තය මුහුණ දුන් පළමු ටෙස්ට් තරඟාවලිය වූයේ නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලියයි.
මැකලම්-ස්ටෝක්ස් යුගය තුල ඔවුන් මුහුණදුන් පළමු අභියෝගයම හමාර කලේ නවසීලන්ත පිලට එරෙහිව පූර්ණ තරඟාවලි ජයක් ලබමින්.
ඉන් අනතුරුව ඔවුන් මුහුණ දුන්නේ ඉන්දියාවට එරෙහිව අතරමැද නවතා දැමූ ටෙස්ට් තරඟාවලියක අවසන් තරඟයටයි.එයද ජයගන්නට සමත් වූ එංලන්තය මේ දක්වා ටෙස්ට් තරඟාවලියක් හයකට එක්ව තිබෙන අතර එම එකදු ටෙස්ට් තරඟාවලියක් හෝ එංගලන්තය පරාජය වී නොමැත.
ඔවුන් මේ දක්වා සහභාගී වූ ටෙස්ට් තරඟාවලි ,
• නවසීලන්ත තරගාවලිය 3 – 0 win
• ඉන්දියාව සමග තරගය – win
• සවුත් අෆ්රිකා තරගාවලිය 2 – 1 win
• පකිස්තාන් තරගාවලිය 3 – 0 win
• නවසීලන්ත තරගාවලිය 1-1 draw
• අයර්ලන්ත තරගය – win
සාම්ප්‍රදායික ටෙස්ට් තරඟ රටාවේ වඩාත් පැරණිතම තරඟාවලිය වන්නේ අළු බඳුන තරඟාවලිය යි.එංගලන්තය හා ඔස්ට්‍රේලියාව මෙහි ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසෙන අතර එංගලන්තය මේ වසරේදී මුහුණ දෙන ප්‍රධානතම ටෙස්ට් තරඟාවලිය වන්නේද මෙයයි.
ඓතිහාසික අලුබඳුන ජයක් වෙනුවෙන් මාන බලන ක්‍රිකට් උපන් දේශයට එම සිහිනය යථාර්ථයක් කරන්නට ස්ටෝක්ස් මැකලම් සුසංයෝගයට හැකි වේවිද ?