“ඉන්දියාව කලක සිට ම අතිශය සාමාන්‍ය සීමිත පන්දුවාර කණ්ඩායමක් බවට පත් වෙලා.මෝඩ ප්‍රකාශ කරන්න කලින් ස්වයං විමර්ශනයක් කරගන්න ඕනි ” කොදෙව්වන් හමුවේ ලද අවමන් සහගත පරාජයෙන් පසුව ඉන්දීය හිටපු ක්‍රීඩකයින් චෝදනා කරයි !

ඉකුත්දා කොදෙව් කණ්ඩායම හමුවේ ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට විස්සයි විස්ස තරඟාවලියක තරඟ තුනක් පරාජය වූ අතර ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා දෙසට හිටපු ඉන්දීය ක්‍රීඩයින් කිහිපදෙනෙක්ම ඇඟිල්ල දිගු කලේය.
ඒ අතරට එම තරඟාවලි පරාජයෙන් පසු වෙන්කටේශ් ප්‍රසාද් එක් කලේ මෙවන් අදහසක්.
“ඉන්දියාව කලක සිට ම අතිශය සාමාන්‍ය සීමිත පන්දුවාර කණ්ඩායමක් බවට පත් වෙලා. මාස කිහිපයකට පෙර T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වුනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් ඔවුන් ව අවමානයට පත් කළා.”
“ඒ වගේම අපි බංග්ලාදේශයට එක්දින තරගාවලියක් පරාජය වුනා. මෝඩ ප්‍රකාශ කරන්න කලින් ස්වයං විමර්ශනයක් සිදු කරාවි කියලා බලාපොරොත්තු වෙනවා.”