ඉන්දීය මොස්තර නිරූපණ ශිල්පිනියගේ මරණයට පොලිසිය අයිපීඑල් ක්‍රීඩක අභිෂේක් ෂර්මා හඹා යයි.
ඉන්දියාවේ සූරත් ප්‍රදේශයේ සිය නිවෙසේදී ගෙල වැළලාගෙන දිවි නසා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනිය ටාන්යා සිංගේ මරණයට අයිපීඑල් තරග බිමේ සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම නියෝජනය කරන තුන්ඉරියව් ක්‍රීඩක අභිෂේක් ෂර්මාගේ සම්බන්ධතාවක් ඇතැයි සැක කරන බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 28 හැවිරිදි මෝස්තර නිරූපණ ශිල්පිනිය දිවි නසා ගැනීමට පෙර අභිෂේක් ෂර්මාට ‘වට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ කෙටි පණිවුඩයක් යවා ඇතැයි ද, අභිෂේක් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි ද මූලික විමර්ශනයේදී හෙළි වූ බව පොලිසිය සඳහන් කර තිබේ.
23 හැවිරිදි අභිෂේක් ෂර්මා සහ මිය ගිය ටාන්යා අතර තිබූ සම්බන්ධතාව කුමක්දැයි අනාවරණය කරගැනීමට පොලිස් නිලධාරීන් අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද වාර්තා වේ. මේ අතර අභිෂේක් ෂර්මා ඇගේ දුරකතන අංකය අවහිර කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.