ක්‍රීඩාවෙන් සමුගත් ඇන්ඩර්සන් බිරිය සමඟ පිනට දහමට යොමු වෙයි.!
එංගලන්තයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිය බිරිය සමඟ පුණ්‍ය කටයුතුවල නිරත වේ. වසර 20ක් වෘත්තීයමය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඇන්ඩර්සන්ගේ සමුගැනීමත් සමඟ ඔහුගේ ආදර කතාවද ඉතා රසවත් බව මාධ්‍ය මඟින් අනාවරණය වෙමින් පවතී.
ජේම්ස් ඇන්ඩර්සන් 2006 දී මෝස්තර නිරූපිකාවක් වන ඩැනියෙල් ලොයිඩ් සමඟ විවාහ වූ අතර, ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැසුණේ 2004දී ලන්ඩනයේ රාත්‍රී සමාජ ශාලාවකදීය. අවුරුදු දෙකක පෙම් සබඳතාවකින් පසු ඩැනියෙල් සිය මෝස්තර නිරූපිකා වෘත්තිය අත්හැර සිය සැමියා සමඟ ලන්ඩනයට ගොස් පවුලේ හා පුණ්‍ය කටයුතු සඳහා කාලය වෙන් කළාය.
ඇන්ඩර්සන්ගේ බිරිය දැන් සමාජ සේවිකාවක් වන අතර ගර්භිණී සමයේදී තම දරුවා අහිමි වූ කාන්තාවන්ට උපකාර කරන ‘ගුඩාබායි චැරටි’ නම් පුණ්‍යායතනයක සේවය කරන්නීය.
ජේම්ස් ඇන්ඩර්සන් සහ ඩැනියෙල්ට ලෝලා රෝස් සහ රූබි ලක්ස් යන දියණියන් දෙදෙනෙක් සිටිති. ඇන්ඩර්සන් ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන ඇත. ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනියා වේ. ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගවලදී වැඩිම කඩුලුලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවේ.