ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලිය රටේ ඩොලර් අර්බුදයට විශාල වාසියක් – තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් ශ්‍රී ලංකාවට ගලාඑන බවත්, ශ්‍රී ලංකාවෙන් ඩොලර් පිටතට නොයන බවත් තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවැසීය. එබැවින් ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදයට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේ එල්පීඑල් තරගාවලියෙන් අති විශාල වාසියක් සිදු වන බව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමන්ත දොඩන්වෙල මහතා පෙන්වා දුන්නේය.
“ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ගෙවීම් කරද්දී අමෙරිකානු ඩොලර්වලින් ගෙවනවා. විදෙස් ක්‍රීඩකයන්ට මුදල් ගෙවීම් අපෙන් සිදු වන්නේ නෑ. ඒ කණ්ඩායම්වල අයිතිකරුවන් විසින් එම විදෙස් ක්‍රීඩකයන්ට ගෙවීම් කරන්නේ. එම අයිතිකරුවන් පිටරට අය නිසා ඔවුන් ඒ රටවලින්ම ගෙවීම් සිදු කරනවා. මේ තරගාවලිය ශ්‍රී ලංකා ආර්ථීකයට ඉතා හොඳ දෙයක්. වෙන්දේසියේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් කණ්ඩායම් 5 වියදම් කරනවා. තරගාවලිය ආරම්භයේදීම හෝටල් කාමර 500ක් – 600ක් අතර ප්‍රමාණයක් අවශ්‍යයි. හෝටල් කාමරවල රාත්‍රී නවාතැන් ගැනීම් 20,000ක් පමණ සිදු වෙනවා. ඒකෙන් හෝටල් ව්‍යාපාරයට වාසියක් වෙනවා. මේ තරගාවලිය හරහා සෑම ක්ෂේත්රයකම සෘජු හා වක්‍ර ආදායම් මාර්ග ඇතිවන නිසා රටක් ලෙස වාසි රැසක් හිමි වෙනවා” එල්පීඑල් තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැහැදිලි කළේය.
මෙවර තරගාවලියේ වෙන්දේසිය මේ 21 වැනිදා කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්වෙන අතර, ඒ සඳහා විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් 260ක් ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිර්දේශ අනුව ක්‍රීඩකයන් 140ක් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතය.
එල්පීඑල් තරගාවලි වෙන්දේසියට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින් නම් කොට ඇති අතර, ඔවුන් ද වෙන්දේසියට ඉදිරිපත් කොට තිබේ.
ලියාපදිංචි වූ ක්‍රීඩකයන් අතරේ වැඩි වශයෙන් පකිස්තානය, නවසීලන්තය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල ක්‍රිකට් තරු ඇතුළත්ව සිටිති.
කණ්ඩායම් පහකින් සමන්විත මේ තරගාවලිය ලබන ජූලි 1 දා සිට 21 දක්වා මහනුවර පල්ලෙකැලේ, දඹුල්ල ක්‍රීඩාංගණය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රෙකාට පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුගිය වසරේදී වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් බී ලව් කැන්ඩි පිල ශූරයන් බවට පත්වූ හෙයින් තරගාවලිය මහනුවරින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියානු ක්‍රිකට් විචාරක, ඉන්දීය ප්‍රෝ කබඩි ලීගයේ අධ්‍යක්ෂක හා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිටපු ප්‍රධාන විධායක චාරු ෂර්මා විසින් මෙහෙයවනු ලබයි.