Cricket NewsEXCLUSIVE
“ලෝක කුසලානයේ දැනට ක්‍රීඩා කරපු කණ්ඩායම් අතරින් මගේ සිත ගත්තේ ශ්‍රී ලංකාව”-රවිචන්ද්‍රන් අශ්වින් කියන කතාව !

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ඉහළ තක්සේරුවක් මාධ්‍ය හමුවේ තබා තිබුනා.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අශ්වින් කියා සිටියේ මෙවැන්නක්
“ලෝක කුසලානයේ දැනට ක්‍රීඩා කරපු කණ්ඩායම් අතරින් මගේ සිත ගත්තේ ශ්‍රී ලංකාව.ඔවුන් පැරදුණා.නමුත් ඔවුන්ගේ පන්දු යවන්නන් වර්ල්ඩ් ක්ලාස්. හෙන්රික් ක්ලාසන් මේ වෙද්දි ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවෙක් පතිරණ ඔහු බිම වැටෙන්න පන්දුවක් යැව්වා. මාලිංගගෙන් බුම්රාගෙන් පස්සේ ඒ වගේ පන්දු යවන්නෙකුට මන් දැක්කේ පතිරණ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ හොඳ ගමනක් තියේවි.”
