ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සැණකෙළිය අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය ලෙසින් සැලකෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද පස්වරු 7ට දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගයෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පසුගිය වසරේදී කැන්ඩි පිල ශූරයන් බවට පත්වූ හෙයින් තරගාවලිය මහනුවරින් ආරම්භ කිරීමට තීරණයවී ඇත.
කළමුබ් ස්ට්‍රයිකර්ස්, ජැෆ්නා කිංග්ස්, දඹුල්ල සික්සර්ස්, ගෝල් මාවර්ලස් හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් මෙවර තරගාවලියට එක්ව සිටින අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.
සති තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
බටහිර ඉන්දීය කොදෙව්හි ඊයේ නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් 32ක් මෙවර තරගාවලියට ක්‍රීඩා කරන අතර, ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ රුපියල් කෝටි 3ක මුදල් ත්‍යාගයක් හිමි වේ. අනුශූරයන්ට රුපියල් කෝටි 1.5ක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම්වන අතර, එය මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියකදී පිරිනමන දැවැන්තම ත්‍යාග මුදල වේ.
විදෙස් ක්‍රීඩකයන් සමග ශ්‍රී ලාංකේය නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයන් මේ තරගාවලියට එක්වන හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ තරගාවලිය විශාල අත්දැකීමක් වනු ඇත.