Cricket NewsEXCLUSIVELPLPremier League
එල්පීඑල් අවසන් සටනට සුදුසුමක් ලබන්නෙ ජැෆ්නා ද කැන්ඩි ද තීරණය අද රාත්රියේ.
එල්පීඑල් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට එක්වන දෙවැනි කණ්ඩායම තීරණය වන තීරණාත්මක දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය අද රාත්රි 7.30ට පැවැත්වේ.
එහිදී පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් ගෝල් පිල හමුවේ පරාජය වූ චරිත් අසලංක මෙහෙයවන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ ප්රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන අතර තරගයෙන් ජයගත් වනිඳු හසරංග නායකත්වය දෙන කැන්ඩි ෆැල්කන්ස් පිල තරග වැදීමට නියමිතය.
මේ තරගයේ ජයග්රාහකයන් හෙට රාත්රි 7.30ට ගෝල් මාවර්ල්ස් සමඟින් අවසන් මහා තරගයට එක් වනු ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1