Cricket NewsEXCLUSIVELPL

LPL ඉතිහාසයේ ශ්‍රී ලාංකීය පිතිකරුවකු විසින් රැස් කරන ලද ප්‍රථම ශතකය අවිශ්ක ප්‍රනාන්දුගේ පිත්තෙන්.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන Qualifier 2 තරගය මේ වන විට Dambulla Giants කණ්ඩායම් සහ Jaffna Kings කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වෙනවා.

මෙම තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟීමට සමත් වුණා.

මේ අතර මෙම තරඟය තුල සිදු වූ විශේෂම සිදුවීම වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලි ඉතිහාසය තුල ශ්‍රී ලාංකීය පිතිකරුවෙකු විසින් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ප්‍රථම ශතකය ද වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වීමයි.

අවිශ්ක ප්‍රනාන්දුගෙ මෙම සුපිරි ඉනිම පන්දු 64ක් පුරාවට විහිදී තිබූ අතර ලකුණු 100ක් රැස් කර ගැනීමට ඔහු සමත්වුනා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 10ක් ඇතුළත් වුණා.

ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සඳහන් වූයේ 156.25 ලෙසටයි.

අවිශ්කගේ ඉණිමේ විශේෂ අවස්ථා පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button