Cricket NewsEXCLUSIVELegends Series

Legends ලෝක ශූරතාවලිට එක් වන සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියන් Legends කණ්ඩායම නම් කෙරේ.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භවීමට තිබු තරඟාවලිය විවිද හේතුන් මත කල් ගිය අතර මේ වන විට පැවැත්වෙන දිනය තහවුරු කර තිබෙනවා.

මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඉදිරිපත් වන අතර ඒ Sri Lanka Legends, India Legends, South Africa Legends, Australia Legends, England Legends, Bangladesh Legends, New Zealand Legends සහ West Indies Legends යන කණ්ඩායම්ය.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඇරඹෙන Road Safety Legends ලෝක ශූරතාවලිය සඳහා වන ඉන්දියන් ලෙජන්ඩ්ස් සංචිතය නම් කර තිබෙනවා.

ඉන්දියන් කණ්ඩායමේ නායකත්වය මෙවරත් සචින් ටෙන්ඩුල්කාර් විසින් දරනු ලබනවා. ඒ අනුව නම් කළ ඉන්දියන් ලෙජන්ඩ්ස් සංචිතය පහතින්,

Sachin Tendulkar (C), Yuvraj Singh, Irfan Pathan, Yusuf Pathan, Harbhajan Singh, Munaf Patel, Subramaniam Badrinath, Stuart Binny, Naman Ojha (WK), Manpreet Gony, Pragyan Ojha, Vinay Kumar, Abhimanyu Mithun, Rajesh Pawar, Rahul Sharma

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button