Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානු ඉනිම ගෞරවාන්විත මට්ටමකට රැගෙන ගිය උස්මාන් කවාජාගෙන් විශිෂ්ඨ ශතකයක්!

මෙවර අලුබඳුන තරඟාවලියේ පළමු තරඟය ඊයේ එජ්බැස්ටන් හිදී ආරම්භ විය.තරඟයේ දෙවන දිනය වූ අද දිනයේ මුල් සැසියේ වැඩි ගෞරව සත්කාරක එංගලන්තය තමන් නතු කරගනිද්දී අවසන් වසර කිහිපය තුල ඔස්ට්‍රේලියානු ‍ටෙස්ට් කණ්ඩායමේ සාර්ථකම ආරම්භක පිතිකරුවා තමන් බව යලිත් සනාත කරන්නට උස්මාන් කවාජා සමත් විය.

වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් වෙනුවෙන් ආරම්භක පිතිකරණ භූමිකාව තුල විශාල දායකත්වයක් දැක්වූ උස්මාන් කවාජා මෙවර අලු බඳුන තරඟාවලිය තුල අලුගසා දමමින් නැගිටින්නට සමත් වූයේ වසර කිහිපයකට ඉහතදී අලුබඳුන තුල වූ ඔහුගේ අසාර්ථකත්වය අකා මකා දමමින්.

ඔස්ට්‍රේලියානු පළමු කඩුලු තුනට පහසුවෙන් එංගලන්ත පන්දු යවන්නන් හිමිකම් කියද්දී කවාජා මැදපෙල පිතිකරුවන් හා එක්වෙමින් සටන් කාමි ඉනිමක් දියත් කලේ අගනා ශකතකයකට හිමිකම් කියමින්.

තවමත් කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන කවාජාගේ නම ඉදිරියේ සටහන්ව තිබෙන ලකුණු සංඛ්‍යාව 110 ක්.එම ඉනිම තුල හතරේ පහර 12 ක් හා හයේ පහර 2 ක් අන්තර්ගතව තිබෙන අතර දෙවැනි දිනයේ අවසන් සැසියයි මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button