Cricket NewsEXCLUSIVE

ප්‍රභල පකිස්තානු පන්දුයවන්නන්ට එරෙහිව රහ්මනුල්ලා ගුර්බාස්ගෙන් විශිෂ්ඨ ශතකයක් ! අඩුම තරඟ ගණනකින් ශතක පහක් රැස් කල ඇෆ්ගනිස්තාන පිතිකරුවා ලෙසින් ගුර්බාස් වාර්ථා අතරට !

පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ පළමු අර්ධය නිමාව දකින විට ඇෆ්ගනිස්තානය ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන යන්නට ඇෆ්ගන් පිතිකරුවන් සමත් වූයේ නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 300 ක් රැස් කරමින්.

තම පස්වැනි එක්දින ශතකය රැස් කල රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 151 කදී ලකුණු 151 ක් රැස් කලේ හතරේ පහර 14 ක් හා හයේ පහර 3 ක් වාර්ථා කරමින්.

ඔහුට අගනා සහයක් වූ ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 80 ක් රැස් කල අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට එක්කල ලකුණු සංඛ්‍යාව 227 ක්.

පන්දු යැවීමේදී ශහීන් අෆ්‍රීඩි කඩුලු දෙකක් බිඳ හෙලීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button