Cricket NewsEXCLUSIVE

කොදෙව්වන් හමුවේ ඉන්දීය කණ්ඩායම අවමන් සහගත පරාජයක් – ඉන්දීය මාධ්‍ය නැගූ අවලාද මැද කොදෙව්වන්ට ඓතිහාසික තරඟාවලි ජයක් !

ඊයේ ෆ්ලොරීඩා හීදී ඉන්දීය කණ්ඩායමට අවමන් සහගත පරාජයක් උරුම කරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරඟාවලියක් තුල තෙවරක් පරාජය කල පළමු කණ්ඩායම බවට පත් වද්දී වසර දෙකකට පසු අත්වූ තරඟාවලි පරාජයකට පසු ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමට හිස් අතින් ගෙදර එන්නට සිදුවිය.

තරඟාවලිය තරඟ 2-2 ක් ලෙසින් සමව තිබුණු පසුබිමක ඊයේ පස්වැනි තරඟය ෆ්ලොරීඩා හිදී ඇරඹුණු අතර මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල ලකුණු 165ක් රැස් කිරීමට සමත් විය.තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් පන්දුවාර දෙකක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 8 ක් ද අතැතිවයි.

ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි විස්ස තරඟාවලිය තරඟ 3-2 ක් ලෙසින් ජයගත් කොදෙව්වන් ඉන්දීය මාධ්‍ය තුලින් තමන් වෙත එල්ලවූ පීඩනයට කදිම පිළිතුරක් ලබාදීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button