Cricket NewsEXCLUSIVELPL

නුවනිදුගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් Dambulla Aura කණ්ඩායමේ PLAY-OFF සිහින බොඳ වෙයි – කුසල් මෙන්ඩිස්ගේ Galle Gladiators, PLAY-OFF වටයට.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ Dambulla Aura සහ Galle Gladiators අතර පැවති තීරණාත්මක තරඟය ජයග්‍රහණය කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුවත් ඔවුන්ට PLAY-OFFවටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ගියා, ඒ අදාල දල ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගැනීමට ඔවුන් අසමත් වීම හේතුවෙනි

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Galle Gladiators නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Galle Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් රැස් කිරීමට සමත් වුණා.

Galle Gladiators වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 42කදී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් රැස් කළ අතර Azam Khan ලකුණු 15ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Matthew Forde කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූනා.

කෙසේ නමුත් PLAY-OFF හි සිය ස්ථානයතවුරු කර ගැනීම සඳහා ජයග්‍රාහි ඉලක්කය වූ ලකුණු 130 පන්දුවාර 11.1ක් තුල හඹා යාම සඳහා පිටියට පිවිසි Dambulla Aura පිතිකරුවන්ට ජයග්‍රාහී ඉලක්කය පසු කර යාම සඳහා පන්දුවාර14.2ක් වැය වූ අතර ඒ අනුව තරඟය ජයග්‍රහණය කල ද PLAY-OFF වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වුනා.

Dambulla Aura ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Matthew Forde පන්දු 30ක් තුල වෙගවත් ලකුණු 52ක් රැස් කල අතර Jordan Cox ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී Imad Wasim සහ නුවන් තුෂාර කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7