Cricket NewsEXCLUSIVE

නවතම ICC ටෙස්ට් ශ්‍රෙණිගත කිරීම් වලට අනූව නායක දිමුත් කරුණාරත්න, විරාට් කෝලි අභිබවමින් 5වන ස්තානය දක්වා ඉදිරියට.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අද දිනයේ දී නිවේදනය නිවේදනය කරනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙන්නේ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිවද අභිබවා යමිනුයි.

පසුගියදා ඉන්දියාව සමග අවසන් වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේද ශතකයක් වාර්තා කිරීමට සමත් වූ එකම ක්‍රීඩකයා බවට පත් වූයේ දිමුත් කරුණාරත්නයි.

මීට පෙර දිමුත් කරුණාරත්න මෙම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි 8 වන ස්ථානයේ පසු වූ අතර එහිදී ඔහු ලබාගෙන තිබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 754ක්.

අද දිනයේ දී නිකුත් වූ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව දිමුත්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 781ක් දක්වා ඉහළට පැමිණ තිබෙන අතර ඒ අනුව ස්ථාන 3ක් ඉදිරියට පැමිණිමෙන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට දිමුත් සමත්ව තිබෙනවා.

මෙම ටෙස්ට් පිතිකරණ ශ්‍රෙණිගත කිරීම් වලට අනුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මානෝ ලබු screen එහි ප්‍රථම ස්ථානයේ පසුවන අතර ඔහු ලබා තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 936ක්.

එහි දෙවන ස්ථානය එංගලන්ත නායක Joe Root පසුවන අතර තෙවන ස්ථානයේ පසුවන්නේ Austrailia ක්‍රීඩක Steve Smith.

නවසීලන්ත නායක Kane Williamson එහි සිව් වන ස්ථානයේ පසුවනවා.

මේ අතර ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි මෙහි 9වන ස්ථානය දක්වා පහතට බැස තිබෙනවා.

ICCය අද නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමේ සටහනක් පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7