Cricket NewsEXCLUSIVE

බංග්ලාදේශයට තවත් අවසන් මහා තරඟයක් අහිමි කල ඉන්දීය A කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගනී !

අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙවර නැගීඑන ආසියානු කුසලාන තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දීය A කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා අද සුදුසු කම් ලබාගත්තා.ඒ බංග්ලාදේශය ලකුණු 51 කින් පරාජය කරමින්.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයා ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ඉන්දීය A කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 211 ක් පමණයි.ලකුණු 137 ට කඩුලු 7 ක් දැවී තිබුණු පසුබිමක දී ඉන්දීය නායක යශ් ඩුල් පසු පෙල පිතිකරුවන් හා එක්ව ඉන්දීය ඉනිම සටන් කාමී ලකුණු පුවරුවක් කරා රැගෙන යමින් ලකුණු 66 ක් රැස් කලා.

ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි බංග්ලාදේශයේ දෙවැනි කඩුල්ල ලකුණු 94 දී දවාගත් ඉන්දීය දඟ පන්දු යවන්නන් එතැන් පටන් තරඟය තමන් දෙසට නතු කරගත්තේය.

ඒ අනුව බංග්ලාදේශයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 160 ක් පමණයි.Tanzid Hassan ගේ පිත්තෙන් වාර්ථා වූ ලකුණු 51 ක බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවුනේ නිශාන්ට් සින්ධූගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන්.

සින්ධු කඩුලු 5 ක් තම කඩුලු මල්ලට දමාගනිමින් ඉන්දීය A කණ්ඩායමට තවත් අවසන් මහා තරඟයක දොරටු විවර කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button