Cricket NewsEXCLUSIVE

බැංගලෝරයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය සඳහා ප්‍රවීන් ජයවික්‍රමට කැඳවීම් ලැබෙන ලකුණු.!

මොහාලි හීදී පැවැති පළමු ටෙස්ට් තරඟය ඉනිමකින් හා ලකුණු 222 ක දැවැන්ත පරාජයක් ඉන්දියාව ඉදිරියේ ලැබීමෙන් අනතුරුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් වඩාත් ස්ථාවර හා සමබර වියයුතු බවක් පෙනෙන්නට තිබේ.

පසුගිය තරඟයේදී එක් දඟපන්දු යවන්නෙකු මත යැපීමට සිදුවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පීඩනයක් ගොඩනැගීමට අපොහොසත් විය.

වේගපන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කල මුත් ඔවුන්ගෙන් අපේක්ෂිත ප්‍රථිපල නොලැබීම මත ඉන්දීය පිතිකරුවෝ වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත්තෝය.

කෙසේ නමුත් ලබන 12 වැනිදා බැංගලෝරයේදී ආරම්භ වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් තරඟය සඳහා සංචිතයේ සිටින දෙවන වමත් පිට දඟ පන්දු යවන්නා උක්ත අතපසු වීම් සියල්ලටම එරෙහිව වඩාත් සාර්ථක පිළියමක් බව විශ්වාස කල හැක.

ඒ හේතුවෙන් යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට දෙවන ටෙස්ට් තරඟය සඳහා කැඳවීම් ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේය.

දෙවන ටෙස්ට් තරඟය දිවාරාත්‍රී ටෙස්ට් තරඟයක් ලෙසින් පැවැත්වීමට නියමිත අතර කණ්ඩායමේ පිතිකරණ බලඇණිය තුල මෙන්ම පන්දු යවන්නන්ගේද වෙනස් කම් කිහිපයක් සිදුවීමට නියමිත බව සඳහන් ය.

දුශ්මන්ත චමීර හට යලි කැඳවීම් හා එක් වේගපන්දු යවන්නෙකු වෙනුවට දඟපන්දු යවන්නෙකු ආදේශ වීමට නියමිත ය.

එම දඟපන්දු යවන්නා බොහෝ දුරට ප්‍රවීන් පයවික්‍රම වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින අතර ඊට ප්‍රධානතම හේතුව වනුයේ ඉන්දීය මුල් පෙල පිතිකරුවන් 5 දෙනාම දකුණත් පිතිකරුවන් වීම ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7