Cricket NewsEXCLUSIVE

බංගලාදේශයට නතුව තිබූ තරඟයක් කණපිට පෙරලිමින් අශ්වින්-අයියර් සබඳතාවය ඉන්දියාවට ජය ගෙනෙයි – 2-0ක් ලෙස තරඟාවලි ජයත් ඉන්දියාවට.!

සංචාරක ඉන්දීය කණ්ඩාමත් බංග්ලාදේශයත් අතර මිර්පූර්හිදී පැවැති දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය වූ අද දිනයේදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 100ක් අවශ්‍යව තිබුණේ කඩුලු 6 ක්ද අතැතිවයි. තරඟයේ තෙවන දිනය වූ ඊයේ දිනයේ සිටම තරඟය බංග්ලාදේශ දඟ පන්දුයවන්නන්ගේ පාලනය යටතේ තිබුණු බව නොරහසක්.

නායක ශකීබ් හා මෙහෙදි හසන් හමුවේ ප්‍රභල ඉන්දීය පිතිකරුවන් දැඩි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් සිව්වන දිනයේ පළමු සැසියේ අර්ධයක් පමණ අවසන් වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් ලකුණු 74 ක් තුල බිඳ දමන්නට මෙහෙදි හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවනන් සමත් වූ අතර මෙහෙදි තවත් එක් කඩුලු 5 ක අවස්ථාවක් තම නම ඉදිරියේ ලියාගත්තේ මීර්පූර් හි තණතීරුව මනා ලෙස උපයෝගී කරගනිමිනි.

අක්සර්ගේ දැවී යාමෙන් පසුව ශ්‍රෙයාස් අයියර් සමඟින් පිටියේ එක්වූ රවිචන්ද්‍රන් අශ්වින් අතර ගොඩනැඟුණු ලකුණු 71 ක නොබිඳුනු ජයග්‍රහණය බංග්ලාදේශය සතුව තිබුණු ජයග්‍රහණයක් උදුරාගන්නට සමත් වූයේ සංචාරක ඉන්දියාවට කඩුලු 3 ක ජයක් තිලිණකර දෙමිනි.

තරඟාවලිය තරඟ 2-0 ක් ලෙසින් සංචාරක ඉන්දීය පිල ජයගනිද්දී තරඟාවලියේ විරයා ලෙසින් චෙතෙශ්වර් පුජාරා පත්වෙද්දී දෙවන තරඟයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අශ්වින් සම්මානදිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button