Cricket NewsEXCLUSIVE

මහීෂ් හෙට තරඟයෙන් ඉවතට…දසුන් ශානක හා කුසල් ජනිත් හෙට තරඟයට ! නායකත්වයේ වෙනසක් නැහැ … සිල්වර්වුඩ් තහවුරු කරයි !

2023 ලෝක කුසලාන තරඟාවලිය අරඹමින් ශ්‍රී ලංකාව හෙට දකුණු අප්‍රිකාවට තරඟ බිමට පිවිසීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හෙට තරඟය සඳහා වන තේරීම් වලට මහීෂ් තීක්ෂණ ඇතුලත් නොවන අතර ඔහුගේ ආබාධය තවමත් සුව නොමැති වීම ඊට හේතුවයි.

එමෙන්ම වැලමිට ආබාධය හේතුවෙන් දෙවැනි පුහුණු තරඟය ක්‍රීඩා නොකල ශ්‍රී ලංකා නායක දසුන් ශානක හෙට තරඟය සඳහා එක්වන අතර කුසල් ජනිත් පෙරේරා ද හෙට ආරම්භක පිතිකරුවා ලෙසින් හෙට තරඟය ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රකාශ කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button