Cricket NewsEXCLUSIVE

ඩීසල් නොමැති නිසා ටෙස්ට් තරඟ මුලින් පැවැත්වීමට කළ යෝජනාවට ඕස්ට්‍රේලියාවෙන් විරෝධය – ශ්‍රී ලංකාවට විකල්ප නැති වෙයි.!

එළඹෙන ජූනි මාසයේ 7 වන දා සිට ජූලි මස 12 දක්වා දින 35ක් පුරාවට මෙරට දී පැවැත්වෙන ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 10ක් අන්තර්ගතය.

ඒ විස්සයි-20 තරඟ 3ක්, එක්දින තරඟ 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් වශයෙනි. තරඟාවලිය පළමුව විස්සයි විස්ස තරඟත් ඉන් අනතුරුව එක්දින තරඟ සහ අවසානයේ ටෙස්ට් තරඟත් වශයෙන් පැවත්වීමට මිට පෙර සිටම සැලසුම් කොට තිබුනා.

කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකාව විශාල අර්බුධයකට මුහුණ දෙමින් සිටින අතර පසුගියදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කළ අන්දමට දිවයිනේ තෙල් හිඟයක් මේ වන විටත් විශාල වශයෙන් ඇති නිසාවෙන් මෙවන් අවස්තාවක දිවා රාත්‍රී තරඟ පැවත්වීම අපහසු සහ එසේ කිරීම නුසුදුසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරන නිසා, ප්‍රථමයෙන් ටෙස්ට් තරඟ පැවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඉදිරි දින කීපයේදී රටෙහි තෙල් අර්බුදය නිමා වී යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කරමින් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියට කිසියම් කාලයක් ගැනීම පිණිසයි.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම යෝජනාවට විරුද්ධ වී ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකල්ප නොමැති වී ඇති බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මේ පිළිබඳව නැවත වතාවක් ඕස්ට්‍රේලියාව සමඟින් සාකච්ඡා කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් දි සිල්වා මහතා Cricbuzz වෙත ප්‍රකාශ කොට ඇති අතර යම් හෙයකින් ටෙස්ට් තරඟ මුලින් පැවත්වීම සඳහා කණ්ඩායම් ද්විත්වයේම කැමත්ත නොලැබුණහොත් සීමිත පන්දුවාර තරඟාවලිය දිවා තරඟ ලෙස පැවත්වීමට වැඩි ඉඩක් පවතින බවද Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button