Cricket NewsEXCLUSIVEInternational

“මම නායකයෙක් විදියට ක්‍රීඩකයන් වෙතට වැඩි පීඩනයක් දාන්න යන්නේ නැහැ, ලෝක කුසලානය තමයි අපගේ ප්‍රධාන ඉලක්කය – ශ්‍රි ලංකා විස්සයි විස්ස නායක වනිදු හසරංග

“මම නායකයෙක් විදියට ක්‍රීඩකයන් වෙතට වැඩි පීඩනයක් දාන්න යන්නේ නැහැ. මම වුණත් පන්දු යවන්නෙක් විදියට වගේම පිත්තෙනුත් කණ්ඩායමට දායක වෙන්න ඕනා” යයි කීවේය.

සිම්බාබ්වේ පිලට එරෙහිව තරගාවලියකට ගියද වනිඳුගේ ඉලක්කය ලෝක කුසලාන තරගාවලියයි.

“ලෝක කුසලාන තරගාවලියට තවත් මාස පහක් තියෙනවා. ඒක තමයි අපගේ ප්‍රධාන ඉලක්කය”

විස්සයි-20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ තණතීරු ගැන අවධානය යොමු කළ වනිඳු….
“මම එක්සත් ජනපදයේ ක්‍රීඩා කරලා නැහැ. නමුත් මම බටහිර ඉන්දීය කොදෙව්වල ක්‍රීඩා කරලා තියෙනවා. මා හිතනවා මේ තැන් දෙකේදීම තණතීරු බොහෝ දුරට සමාන වෙයි කියලා. ඒ නිසා අපි අපේ රටේදී ගොඩක් තරග වලට සහභාගි වෙන්න ඕනේ. හොඳට ලෑස්ති වෙන්න ඕනේ” යයි ද කීවේය. ශ්‍රී ලංකාව මෙන්ම බටහිර ඉන්දීය දූපත් සමූහයත් සමකයට ආසන්න, නිවර්තන කලාපීය රටවල් වන බැවිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7