Cricket NewsEXCLUSIVE

බාබර්ගේ ඔටුනු ගැලවෙන ලකුණු ! PCB ය බාබර් ගැන අසතුටෙන් !

මීට මාස කිහිපයකට පමණ පෙර පකිස්තානු කණ්ඩායමේ තරඟ ආකෘති තුන සඳහාම නායකත්වය ලබා දුන්නේ බාබර් අසාම්.බාබර්ගේ නායකත්වය යටතේ අවසන් කාල වකවානුව තුල ජයග්‍රහණ මෙන්ම දැවැන්ත කඩාවැටීම් රාශියක් දක්නට තිබුණු බව නොරහසක්.

ඒ අනුව ඔහු සතුවූ නායකත්වය එක්දින තරඟ සඳහා පමණක් සීමා කිරීමට හෆීස් ප්‍රමුඛ නව පකිස්ථානු ක්‍රිකට් බලධාරීන් තීරණය කලා.

ඒ අනුව බාබර්ගේ අනුප්‍රාප්තිකයා වූ ශාන් මසූඩ් ගේ ටෙස්ට් නායකත්වය යටතේ පකිස්තානය මුල්ම වරට තරඟ බිමට පිවිසෙන්නේ ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිවයි.එහිදී පකිස්තානයට තරඟ තුනක පරාජයන් සමඟින් තරඟාවලිය නිමා කිරීමට සිදු වූවා.

පකිස්ථානය දෙසින් බලන කල පකිස්තානය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ මොහොමඩ් රිස්වාන් පමණයි.වත්මන් පකිස්තානු කණ්ඩායමේ පිතිකරණය බාබර් අසාම් වටා ගොඩනැඟී තිබෙන නමුත් ඔහුට තරඟාවලිය පුරාවට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 127 ක් පමණයි ඒ සඳහා ඔහු ඉනිම් 6 ක් ද වැය කර තිබේ.

බාබර් අභිබවා යමින් පසුපෙල පිතිකරු අමීර් ජමාල් තරඟාවලිය පුරාවට පිත්තෙන් ලකුණු 138 ක් රැස් කලේ එක් අර්ධ ශතකයක්ද සහිතවයි.

වර්ථමානයේ ක්‍රීඩා කරන පිතිකරුවන් අතුරින් බාබර් අසාම්ට හිමිවන්නේ ඉහළ පිළිගැනීමක් ඔහුගේ සංඛ්‍යා දත්ත වාර්ථාද ඊට හොඳම නිදසුන් සැපයීම ඊට හේතුවක්.කෙසේ නමුත් මව්බිමෙන් පිටතදී ටෙස්ට් තරඟ තුල ඔහු අතිශය සාමාන්‍ය පිතිකරුවෙක් බව ඔහු යලි යලිත් සනාථ කරමින් සිටිනවා.මව් බිම තුල බාබර් කෙතරම් සාර්ථක සංඛ්‍යාවල උරුම කරුවෙකු වුවත් වර්ථමානයේ ක්‍රීඩා කරනු ලබන විශිෂ්ඨතම පිතිකරුවන් පස් දෙනා අතරට බොහෝ දෙනා ඔහුව නම් කලත් මව්බිමෙන් පිටදී ඔහු අතිශය සාමාන්‍ය පිතිකරුවෙක්.

ඔහුගේ ටෙස්ට් වාර්ථාව ගත් කල මව්බිමෙන් පිටතදී බාබර් එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය දා දකුණු අප්‍රිකාව තුල බාබර්ගේ ටෙස්ට් සාමාන්‍ය ලකුණු 34 ක අගයක්.ඔහු එම සාමාන්‍ය රඳවාගන්නේ ද සැලකිය යුතු ඉනිම් ගණනක් අවසානයේදීය.

මව් බිමෙන් පිටතදී ද තවමත් ඔහු රැස් කර තිබෙන්නේ එක් ටෙස්ට් ශතකයක් පමණයි.

බාබර්ගේ මෑත කාලීන දස්කම් පිළිබඳව එරට නව තේරීම් කමිටුව පසුවන්නේ සුභවාදී අදහසකින් නොවන බවත් මෙම අසාර්ථක රිද්මය බිඳ දැමීමට බාබර් අපොහොසත් වුවහොත් පකිස්තානු නව තේරීම් කමිටුව යොවුන් ආදේශක කිහිපයක් ඔහු වෙනුවට අත්හදා බැලීමට නියමිත බවත් ඔවුන් වාර්ථා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button