Cricket NewsEXCLUSIVEIPL

Mumbai Indians සමග තරඟයේ නිළ නොලත් වීරයා දුෂ්මන්ත චමීර රැකගත් Baby ABගේ විශිෂ්ට උඩ පන්දුව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 37වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 132ක් පමණයි

පන්දු යැවීමේදී ආරම්භයේ පටන්ම සුපිරි පන්දුයැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර සිය පන්දු වාර 4තුලම ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 14ක් පමණක් වන අතර නිලකුණු පන්දු 14ක් ද යොමු කිරීමට ඔහු සමත් වුනා.

තරඟයේ නිල නොලත් වීරයා වූ දුෂ්මන්ත චමීර මුල් පන්දුවාරයන්හි දී සහ අවසන් පන්දුවාරයන් හිදී ප්‍රතිවාදී පිතිකරුවන් මනාව පාලනය කිරීමට සමත් වුනා.

ඊට අමතරව ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසින් සැලකෙන Baby AB හෙවත් Dewald Brevisගේ උඩපන්දුවක් විශිෂ්ට ලෙස රැක ගැනීමට චමීර සමත් වුවා.

එම උඩ පන්දු රැක ගැනීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7