Cricket NewsEXCLUSIVE

තෙවැනි දිනය අවසන් වන විට බංග්ලාදේශය හමුවේ ඇෆ්ගනිස්තානය අසීරු අඩියක – ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්තානයට ලකුණු 662 ක ඉලක්කයක් !

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් බංග්ලාදේශයත් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය වූයේ අද දිනයයි.අද දිනය සඳහා තරඟය නතර කරන ව්ට ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්තානයට කඩුලු 8 ක් අතැතිව ලකුණු 617 ක් ලබාගත යුතුව තිබේ.

බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 382 ක් රැස් කල අතර ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණයි.ඇෆ්ගනිස්තානයට වඩා ලකුණු 236 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශය කඩුලු 4 ක් දැවී ලකුණු 425 ක් රැස් කරගෙන සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටවූයේ ඇෆ්ගනිස්තානයට ලකුණු 662 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකරදෙමින්.

බංග්ලාදේශ පළමු ඉනිමේ මෙන්ම දෙවැනි ඉනිමේදීද ශතක රැස් කරන්නට නජ්මුල් හොසේන් ශාන්ටෝ සමත් වද්දී මොමිනුල් හක් දෙවැනි ඉනිමට ශතකයකින් දායක විය.

අද දිනය සඳහා තරඟය නතර කරන විට ඇෆ්ගනිස්තාය කඩුලු දෙකක් දැවී ලකුණු 45 ක් රැස් කරගෙන සිටින අතර රහ්මට් ශා හා නසීර් ජමාල් කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරමින් සිටී.ඒ අනුව දින දෙකක් තුල ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්තානයට ලකුණු 617 ක් අවශ්‍යව තිබෙන අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 8 ක්ද අතැතිව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button