Cricket NewsEXCLUSIVE

“බංග්ලාදේශයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මාව Don Bradmanට සමාන කරනවා” – ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ශතකයෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ Mushfiqur Rahim

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය පසුගිය 15 චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී ආරම්භ වු අතර අද තරඟයේ අවසන් දිනයයි.

මේ අතර තරඟයේ සිව් වන දිනය වූ ඊයේ තරඟයේදී බංගලාදේශ ජේෂ්ට ක්‍රීඩක Mushfiqur Rahim පන්දු 282කකට මුහුණ දී ලකුණු 105ක් රැස් කරගැනීමට සමත් වූ අතර මේ සමගම ටෙස්ට් ලකුණු 5000සේ සිමාව පසු කල පළමු බංගලාදේශ ක්‍රීඩකයා බවට ද ඔහු පත් වුනා.

අනතුරුව පවතී මාධ්‍ය හමුවේදී Mushfiqur Rahim ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කරනු ලැබුවා.

“බංග්ලාදේශයේ අත්දැකීම්වලට වටිනාකමක් නැහැ කියලා මම හිතනවා. වසර 17ක් ක්‍රීඩා කිරීම විශාල කැපකිරීමක්. දෙවියන් මම කරන්න ඕන දේ ලියලා තියෙන්නෙ ,ඒ නිසා මට ඒ දේ ඒ විදිහටම කිරීමට අවශ්‍යයි. ටෙස්ට් ලකුණු 5000 පසුකළ පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා වීමට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. නමුත් මම අන්තිමයා නොවන බව මට විශ්වාසයි. ලකුණු 8,000 හෝ 10,000 දක්වා ළඟා විය හැකි දක්ෂ ක්‍රීඩකයින් රැසක් අපගේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ක්‍රීඩකයින් අතරසිටිනවා”

එමෙන්ම එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි Mushfiqur Rahim තම රටේ ක්‍රීඩකයෙකුට ඇගයීමක් ලැබෙන්නේ ඔහු හොඳින් දස්කම් දැක්වූ විට පමණක් බවත් තමන් ශතකයක් ලබා ගත් සෑම අවස්ථාවකම තමන් ඕස්ට්‍රේලියානු පිතිකරු ඩොන් බ්‍රැඩ්මන් සමඟ සංසන්දනය කළ බවත් නමුත් ඔහු හොඳ ලකුණු ලබා ගැනීමට අපොහොසත් වූ සෑම අවස්ථාවකම එය ඔහුට නපුරු සිහිනයක් බඳු වූ බවත් ඔහු සඳහන් කර සිටියා.

“මම ශතකයක් ගහනකොට බංගලාදේශේ මිනිස්සු මාව බ්‍රැඩ්මන්ට සංසන්දනය කරන බව මම දැකලා තියෙනවා, නමුත් මම ලකුණු නොගත්තම මගේ වළ මටම හාරගන්න හිතෙනවා. මම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් නිසා අපිට තව වැඩි දවසක් ඉන්න වෙන්නේ නැහැ. නමුත් මේක දිගින් දිගටම වෙනවා අනිවරෙන් මේක නවත්තන්න. මොකද පිටියෙන් බැහැර මේ දේවල්වලට මුහුණ දීමට කාලයක් ගත කිරීමට සිදුවුවහොත්, අපගේ ක්‍රීඩා ජිවිතයට ඒකෙන් බලපෑමක් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button