Cricket GossipEXCLUSIVE

කොදෙව් දේශයෙන් පිටත් වීමට පෙර සිය මිතුරා අමතක නොකළ හර්දික් පාණ්ඩ්‍යා, පොලාඩ්ගේ නිවසටම ගොස් පවුලේ අය හමුවෙයි.!

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන සිව්වැනි විස්සයි-20 තරගයට පෙර ඔහුගේ හිටපු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සගයකු මෙන්ම සමීපතම මිතුරකු වූ කීරන් පොලාඩ්ගේ නිවසට ගොස් තිබෙනවා.

කණ්ඩායම් දෙකම අවසන් විස්සයි-20 තරඟ දෙක සඳහා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වෙත පියාසර කිරීමට නියමිත අතර, පිටත්ව යාමට පෙර පාණ්ඩ්‍යා මෙලෙසින් හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ නිවසට ගොස් ඔහු සහ ඔහුගේ පවුලේ අය හමු වී තිබෙනවා.

පොලාර්ඩ් IPL තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සම්බන්ධ වී ක්‍රීඩා කරන අතර , එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් සමඟින් ශූරතා හතරක් දිනූ හර්දික් පාණ්ඩ්‍යා මේ වසර මුලදී කණ්ඩායමෙන් ඉවත් වී ගුජරාට් ටයිටන්ස් නායකයා ලෙස ක්‍රීඩා කර සිය මංගල තරඟාවලියේදීම ඔවුන්ගේ පළමු IPL ශූරතාව දක්වා රැගෙන යාමට සමත් වුනා.

මේ අතර, පාණ්ඩ්‍යා පොලාර්ඩ්, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් සමඟ තමා සිටින පින්තූරයක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හි පළ කර තිබෙන්නේ එයට “රජුගේ නිවසට යාමකින් තොරව කැරිබියානු සංචාරයක් සම්පූර්ණ නොවේ. මට සත්කාර කිරීම ගැන ස්තූතියි, මගේ සහෝදරයා.” යනුවෙන් විශේෂ සටහනක් එක් කරමිනි.

හර්දික් පාණ්ඩ්‍යා, තැබූ එම විශේෂ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button