Cricket NewsEXCLUSIVE

පකිස්තානු සිහින බොඳ කල, ආසියානු කුසලාන ඉතිහාසය අලුත් කල භානුක රාජපක්ෂගේ විශිෂ්ට පිතිකරණය.!

විස්සය-20 තරඟ තුලදී දක්නට ලැබුණු විශිෂ්ඨතම නැවත පැමිණීමක් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි හිදී පකිස්තානු කණ්ඩායමට එරෙහිව වාර්ථා කලේය. ලකුණු 58 කට කඩුලු 5 ක් දවානිමින් පන්දුවාර 7 ක් වන විට තරඟය පකිස්තානය දෙසට නතු කරගන්නට හරිස් රවුෆ් ප්‍රමුඛ්‍ය පකිස්තානු කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර 10 ට කඩුලු 5 ක් දැවී ලකුණු 67 ක් රැස් කරමින් අසීරු අඩියක පසුවද්දී භානුක රාජපක්ෂ සමඟින් එක්වූ වනිඳු හසරංගට හා චාමික කරුණාරත්න හට අවසන් පන්දුවාර 10 තුලදී ලකුණු තවත් ලකුණු 103 ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කරමින් සමස්ත ලකුණු සංඛ්‍යාව 170 ක් දක්වා ගෙන එන්නට සමත් විය.

කලකට අමතක නොවන ගණයේ ඉනිමක් දියත් කල භානුක රාජපක්ෂ තම විස්සයි-20 දිවියේ රැස් කල දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්ථා කරන්නට සමත් වූවා. පන්දු 45 ක් පුරාවට බංග්ලාදේශ පන්දු යවන්නන් හට හිසරදයක් වූ භානුක නොදැවී ලකුණු 71 ක් රැස් කලේය. එම ඉනිම හයේ පහර තුනකින් හා හතරේ පහර හයකින් වර්ණවත් විය.

මෙය වාර්ථා අතරට එක්වූයේ විස්සයි-20 ආසියානු කුසලාන අවසන් මහා තරඟයකදී වාර්ථා වූ ඉහළම ඉනිම ලෙසටයි. මීට පෙර එම වාර්ථාවට හිමිකම් කීවේ ඉන්දීය පිතිකරු ශිකර් දවාන් වන අතර ඔහු බංග්ලාදේශයට එරෙහිව 2016 ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී බංග්ලාදේශයට එරෙහිව වාර්ථා කල ලකුණු 60 එම වාර්ථාව වූවා. මෙම විශිෂ්ට දස්කම් හේතුවෙන් අවසන් මහා තරඟයේ වීරයා ලෙසට සම්මානයට පාත්‍ර වුයේ ද භානුක රාජපක්ෂයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button