Cricket NewsEXCLUSIVEInternational

පිට පිට දෙවරක් නවසීලන්තය පැරදු ඉන්දියාව ලෝක කුසලාන අවසන් සටනට

නවසීලන්තයට එරෙහිව මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයෙ (15 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 70 ක ජයක් වාර්තා කළ ඉන්දියාව අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගැනිමට සමත් විය. ඉන්දීය කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ සිවුවැනි අවස්ථාව මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 398 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 48.5 ක් අවසානයේ සියලු ‍දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 327 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සාමි, ඕවර 9.5 ක් යවා ලකුණු 57 කට කඩුලු 7 ක් බිඳහෙළමින් නවසීලන්තයේ ජයග්‍රාහී මාවත අවහිර කළේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි. මේ දක්වා තරග 6 කදී කඩුලු 23 ක් දවාගෙන ඇති සාමි, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්ව සිටියි.

නවසීලන්තය ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා දැඩි උත්සාහයක නිරත වූ ඩැරිල් මිචෙල් පන්දු 119 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 134 ක් රැස්කළේය. නායක කේන් විලියම්සන් (69) සමග එක්ව ‍තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 149 කදී ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිචෙල් සමත් වූ නමුත්, නවසීලන්තය පරාජ‍යෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණයක් නොවීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button