Cricket NewsEXCLUSIVE

වාර්ථා රැසක් යොවුන් ක්‍රීඩකයින් සතු කරගනිමින්, දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කල අන්තර් සමාජ සිව් දින තරඟාවලියේ ශූරතාවය CCC ක්‍රීඩකයෝ දිනාගනී.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ Major league සිව්දින තරඟාවලිය මාස දෙකකට ආසන්න කාලයක් පුරාවට දේශීය පිටිය උණුසුම් කරමින් පැවැත් විණි.ඊයේ කොළඹ SSC පිටියේදී නිමාව දුටු අවසන් මහා තරඟයේදී පිට පිට තෙවැනි වරටත් ශූරයින් බවට පත්වෙද්දී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ ටැමිල් යූනියන් කණ්ඩායමයි.

අවසන් මහා තරඟයද උණුසුම් මුහුණුවරක් ගත් අතර අවසන් මහා තරඟයේදීද ශතක 4 ක් වාර්ථා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වූවා.අවසන් මහා තරඟයේදී සාර්ථක වූ CCC නායක අශාන් ප්‍රියන්ජන්,කමිඳු මෙන්ඩිස් හා චමිඳු විජේසිංග CCC කණ්ඩායම වෙනුවෙන් ශතක රැස් කරද්දී අතිශය සාර්ථක තරඟවාරයක් ගතකරමින් සිටින සදීර සමරවික්‍රම ටැමිල් යූනියන් පිතිකරුවෙක් රැස් කල එකම ශතකයට හිමිකම් කීවේය.

ශූරයින් ලෙස CCC ක්‍රීඩකයෝ කිරුළු පළදිද්දී සදීර මෙවර තරඟාවලියේ ලකුනු 1000 ඉක්මවූ තෙවැනි පිතිකරුවා බවටද පත්විය.අවසන් මහා තරඟයේදී රැස් කල ශතකයත් සමඟින් සමස්ත තරඟාවලියේදී සදීර ලකුණු 1022 ක් රැස් කරන්නට සමත් විය.

තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මධුශ්ක 1229ක් රැස් කල අතර ඔහු තරඟාවලියේ වීරයා ලෙසින් නම් කෙරීය එහිදී ඔහුට මුදලින් රුපියල් ලක්ෂ හයක් පිරිණැමුනු අතර තරඟාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ මූවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර (1091) තරඟාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසින් සම්මාන දිනාගත්තේය.

තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කෞමාල් නානායක්කාර තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවටපත්වද්දී ඔවුන් දෙදෙනා හට මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් හිමිවූවා.අවසන් මහා තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ CCC කණ්ඩායමේ චමිඳු විජේසිංහ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button