Cricket NewsEXCLUSIVE

චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 10 ක වාර්ථාගත ජයක් !

සංචාරක නවසීලන්ත කාන්තා කාන්ඩායම සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරඟ අද පී සරා ඕවල් හිදී නිමාව දුටු අතර තරඟය කඩුලු 10 කින් ජයගන්නට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 140 ක් රැස් කලේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සොෆී ඩිවයින් ලකුණු 46 ක් රැස් කරද්දී අගනා පන්දු යැවීම නිරත වූ ඉනෝකා රණවීර කඩුලු 3 ක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සාර්ථකව පසුකර ගියේ කිසිවෙකු නොදැවී ලකුණු 143 ක් ලබාගනිමිනි.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල චමරි අතපත්තු නොදැවී ලකුණු 80 ක් රැස් කලේ පන්දු 47 කට පමණක් මුහුණ දෙමින් එමෙන්ම හර්ශිතා සමරවික්‍රම නොදැවී ලකුණු 49 ක් රැස් කලේය.

ඒ අනුව තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 10 කින් ජයගන්නට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර තරඟයේ වීරයා ලෙසින් චමරි අතපත්තු සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button