Cricket GossipEXCLUSIVETrending Article

“චාමික රගනවා වැඩිද ? ” චාමික කරුණාරත්නගේ Attitude ගැන මෙතෙක් ඔබ නොදත් කතාව මෙන්න.

චාමිකට එතකොට වයස අවුරුදු 10යි. චාමික වයස අවුරුදු දහයෙදි තමයි එයාගේ පලවෙනි බැඩ්මින්ටන් තරගාවලියට ක්‍රීඩා කරන්නේ. එතකොට එයාලගේ අයියලා තුන්දෙනා ලංකාවේ ඉහලම තැන්වල හිටියේ. චාමිගේ ලොකු අයියා එතකොට බැඩ්මින්ටන් රෑන්කින් වලින් ලංකාවේ පලවෙනියා. දෙවෙනි අයියා ලංකාවේ දෙවෙනියා. තුන්වෙනි අයියා ලංකාවේ තුන්වෙනියා. ඉතිං ඔහොම වටපිටාවක තමයි චාමික මේ තරගාවලියට එන්නේ.

අවසන් පූර්ව තරගය… මේ තරගය චාමිකගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි චාමික ක්‍රීඩා කරන දිහා චාමිකගේ අයියලා තුන්දෙනත් බලාගෙන ඉන්නවා.චාමික මේ තරගයේ එක වෙලාවක ලකුණු 9-1ක් විදිහට ඉදිරියෙන් ඉන්නවා. හැබැයි අවසානයේ චාමික මේ තරගය පරදිනවා.

එයා මේ තරගය පරදින්නේ එයාට එරෙහිව එදා ක්‍රීඩා කරපු ක්‍රීඩකයා දක්වපු ප්‍රතිචාර හින්දා. සද්දෙට කෑ ගහලා දඟලලා එක කෙලියක් නටනවා. චාමික එදා ඒ රියැක්ෂන් එක දැකලා මානසිකව වැටෙනවා. බය වෙනවා. ඒ හින්දම චාමික මේ තරගය පරදිනවා.

ඉතිං චාමිකගේ අම්මා තාත්තා කියන්නේ වැඩිය පරාජය දැකපු අය නෙමෙයි. මොකද චාමිකගේ අයියලා තුන්දෙනාම බැඩ්මින්ටන් වල ලංකාවේ හොදම ලෙවල් එකක හිටියේ. එයාලා ලේසියෙන් පරදින්නේ නැ.ඉතිං මේ තරගය පැරදුනු චාමිකට තමන් ගැන ලොකු ලැජ්ජාවක් වගේම දුකක් ඇති වෙනවා.

ඒත් චාමික මේ පැරදුනු තරගයෙන් එයාගේ ජීවිතේට ලොකු පාඩුවක් ගන්නවා. ඒ තමයි ” ආයේ පරදින්නේ නැ…” අද අපි චාමික කරුණාරත්න කියන ප්ලෙයර්ගේ දකින ඒ ඇටිටියුඩ් එක ඒ මොරාල් එක හැදුනේ මේ තරගයත් එක්කමයි.

හුගාක් අය පහුගිය කාලේ කිව්වා චාමික කියන්නේ ෂෝ කාරයෙක් ඇඩ් එක දෙනවා වැඩියි බොරුවට දගලනවා අරකයි මේකයි කියලා.

හැබැයි චාමික අද ඔය විදිහට එයාගේ ඇටිටියුඩ් තියාගෙන ඉන්නේ මෙන්න මේ තරගය හින්දා. ප්‍රතිවාදියාව හැකියාවෙන් වගේම මානසිකවත් වට්ටන්න චාමික එදා ඉගෙන ගන්නවා.

ඉතිං අද වෙද්දි චාමික කරුණාරත්න ක්‍රීඩකයා තමන්ගේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙනකොට ඒ සතුට එයාගේ මුලු ඇගෙන්ම පිට කරලා සමරනවා.

මේක කාට හරි හිතෙන්න පුළුවන් ” ෂෝ එක වැඩියි ඇඩ් එක හැඩියි චාමික හුගාක් රඟනවා ” කියලා. හැබැයි මේ තමයි චාමික එයා මහන්සි වෙලා පුහුණුවීම් කරලා ඉගෙන ගත්ත දේවල් වල ප්‍රතිඵල ලැබෙද්දි ඒක සමරන විදිහ.

ඉතිං මේක බලන කෙනෙක්ට වැරදියට පේන්න පුළුවන්. නමුත් මේ සැමරීම මේ ආකල්ප විටෙක ප්‍රතිවාදියාට හිසරදයක් වෙන්න පුළුවන්. ප්‍රතිවාදියාට එයාගේ මනස එක දෙයක් ගැන ෆෝකස් කරලා ගේම් එකේ තියාගෙන ඉන්න බැරි කරන්න කලබල කරන්න වගේම චකිතයක් ඇති කරන්න චාමිකගේ මේ ඇටිටියුඩ් එක මාරම විදිහට වටිනවා.

සටහන – Rishie Bro පිටුවෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button