Cricket NewsEXCLUSIVE

Colombo Strikers සමඟින් එක්වූ IPL පුහුණුකරුවෝ !

පසුගියදා නිමා වුණ IPL තරගාවලියේ ශූරතාවය දිනාගත් Kolkata Knight Riders කණ්ඩායමේ දඟපන්දුයවන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ Carl Crowe ට මෙවර Colombo Strikers කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය ලැබී තිබෙනවා. එංගලන්ත ජාතිකයෙක් වන ඔහු මීට පෙර Big bash League , T20 Blast , Gloabal T20 Canada වැනි ලීග වල පුහුණුකාරධූරයන් වල කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අනුශූරයන් බවට පත්වූ SunRisers Hyderabad කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ Simon Helmot ට මෙවර Colombo Strikers කණ්ඩායමේ සහය පුහුණුකාරධූරය හිමි වී තිබෙනවා. ඔහු ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර Big Bash ලීගයේ ද ඔහු පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වගේම බංගලාදේශ හා පාකිස්තාන කණ්ඩායම් වල High Performance පුහුණුකරුවෙක් ලෙසත් මීට පෙර ඔහු කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දුයවන්නා වන චමින්ද වාස්ට මෙවරත් Colombo Strikers කණ්ඩායමේ සහය පුහුණුකාරධූරය හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button