Cricket GossipCricket NewsEXCLUSIVE

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන හර්බජන් සිං, සුරේෂ් රයිනා හා යුවරාජ් සිංට එරෙහිව දිල්ලි පොලිසියට පැමිණිල්ලක්

ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රචාරය කරන ලද වීඩියෝවකින් ආබාධ සහිත පුද්ගලයන්ට අපහාස කළේ යැයි චෝදනාව මත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන හර්බජන් සිං, සුරේෂ් රයිනා හා යුවරාජ් සිංට එරෙහිව නවදිල්ලියේ අමර් ජනපද පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කරයි.

ඉන්දීය ආබාධිත පුද්ගලයන් සඳහා රැකියා ප්‍රවර්ධන ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ අර්මන් අලි විසින් මේ පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. චෝදනාලත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව තොරතුරු තාක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්ස්ටග්‍රෑම් පද්ධතිය මෙහෙයවන මෙටා ඉන්දියා ආයතනයේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සන්ධ්‍යා දේවානාදන් මහත්මියට එරෙහිවද නඩු පවරන ලෙස පැමිණිල්ල ගොනුකර තිබේ.

පසුගියදා එංගලන්තයේ පැවති විස්සයි20 ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පාකිස්තාන ක්‍රිකට් පිල පරාජය කිරීමේ සතුට සමරමින් හර්බජන්, යුවරාජ් සහ රයිනා ‘ටවුබා ටවුබා’ ගීතයට කොර ගසන ආකාරය මවාපාමින් වීඩියෝවක් රූගත කොට ඇත. තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව විශ්‍රාමික ඔවුන්ගේ වයස්ගත ශරීරයට ඇති කරන බලපෑම මෙමඟින් පෙන්වීමට උත්සහගෙන ඇත. එහෙත් එහි සමාජ බලපෑම ආබාධ සහිත පුද්ගලයන්ට අපහාසයක් මෙන්ම සමච්චලයක් බව පැවසේ.

සමාජ මාධ්‍යවල වයිරල් වී ඇති මේ වීඩියෝවක් හරහා ආබාධිතයන් සමච්චලයට ලක් කිරීම සම්බන්ධයෙන් ඇති වූ කෝපය වැඩිවී ඇත. ඉන්දියාවේ ‘කෝටි 10 කට වැඩි’ ආබාධිත පුද්ගලයන්ට ‘අපහාස කිරීම’ සහ ‘විහිළු කිරීම’ සම්බන්ධයෙන් මේ පැමිණිල්ල ගොනු කළ බව පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කළේය.

“හර්බජන් සිං පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු ආබාධිතයන් වෙනුවෙන් හඬ නැඟිය යුතු කෙනෙක්. නමුත් ඔහු කරන්නේ කුමන ආකාරයේ වීඩියෝවක්ද? ඉන්දියාවේ ආබාධිතයන් පිළිබඳ අවබෝධයක් ඔහුට නෑ. ඔවුන්ට විහිළු කරනවා, ඒ නිසයි මම පැමිණිල්ලක් දැම්මේ” අර්මන් අලි පැවසීය.

මෙයට ප්‍රතිචාර දක්වමින්, හර්බජන් මතභේදාත්මක වීඩියෝව මකාදැමීමට පියවරගත් අතර, සමාජ මාධ්‍ය හරහා සමාව අයැදීමට කටයුතු කළේය. එයින් කිසිවකුගේ සිත් රිදවීමට අදහස් නොකළ බවත්, තරගාවලිය වෙනුවෙන් දින 15ක් ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය පෙන්වීමට කළ විහිළුවක් පමණක් බවත් හර්බජන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button