Cricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVE

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා පුරවැසියන් තෙලිජ්ජවිලදී ක්‍රිකට් පුහුණු කඳවුරක් පවත්වයි.

මහා බ්‍රිතාන්‍යයේ පුරවැසියන් වූ ශ්‍රී ලාංකිකයන් එක්ව පිහිටුවා ඇති සංවිධානයක් වන ‘ඉප්ස්විච්’ (IPSWICH) ශ්‍රී ලංකික එකමුතුවෙන් දින 5ක ක්‍රිකට් පුහුණු කඳවුරක් තෙලිජ්ජවිල මැදි විදුහලේ සහ මාලිම්බඩ ශ්‍රී සුමේධ මහ විදුහලේ සිසුන් වෙනුවෙන් සංවිධානය කර ඇත.

මේ පුහුණු කඳවුරට පාසල් දෙකේ 13න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරන තෝරාගත් සිසුන් විසි දෙදෙනකු සඳහා පැවත්වේ. මේ සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවන් දෙදෙනකු වන ගයාන් සිරිමාන්න සහ බ්‍රිතාන්‍ය ජාතික තිමොති කොජින්ස් මහත්වරුන් විසින් සිදු කිරීමට නියමිතය.

කඳවුර අවසන් දිනයේ විදුහල් ද්විත්වයෙන් තෝරා ගත් කණ්ඩායම් දෙකක් අතර තෙලිජ්ජවිල මැදි විදුහල් පිටියේදී පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button