Cricket NewsEXCLUSIVE

“දසුන් ශානකගේ ඉනිම අපි නායකයෙකුගෙන් අපේක්ෂා කරන විදියේ ඉනිමක්” – හිටපු ඉන්දීය ක්‍රීඩක හා විස්තර විචාරක නිඛිල් චොප්රා

තියුණු තරඟයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශය පරාජයට පත්කරමින් ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසුණේය.ඊයේ නිමාව දුටු තරඟයේ වඩා සිත් ගත් පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා නායක දසුන් ශානක නම් කර සිටියේ හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් විස්තර විචාරකයෙකුද වන නිඛිල් චොප්‍රා විසින්.

“අපි නායකයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ මෙයයි” චොප්රා දසුන් ශානක ගැන BatBricks7 ඉදිරිපත් කරන Run Ki Runneeti වැඩසටහනේ CricTracker සමඟ සංවාදයකදී අදහස් දක්වමින් කියා සිටියේය.

“මට නම් නායක දසුන් ශානක කඩුලු වැටෙන විට පන්දුවට පහර දුන් ආකාරය සහ ඔහු තරගය පාලනය කිරීමට බැලූ ආකාරය. නායකයෙකුගෙන් සහ මැදපෙළ පිතිකරුවෙකුගෙන් අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන දෙය”

“කණ්ඩායමක හොඳම පිතිකරුවන් තිදෙනා වේදිකාව සකසා දුන් පසු කුමක් කල යුතු දැයි අපි මීට පෙර කතා කළෙමු, නමුත් මැද පෙළ පිතිකරුවන්ට තරගය අවසන් කිරීමට දුෂ්කර කාර්යයක් ඇත, විශේෂයෙන් ඕවර 20 හෝ 50 තරගයේදී ඉල්ලා සිටින ලකුණු වේගය හේතුවෙන්.අය අහපසුයි”

“ශානක ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් “කළ යුතු හෝ මිය යාමේ” ක්‍රීඩාවකදී කැපී පෙනෙන දස්කම් දැක්වීම අපි පැසසුමට ලක් කල යුතුයි.”

නිඛිල් චොප්රා කියා සිටියේය.ලකුණු 45 ක් වූ දසුන්ගේ ඉනිම පන්දු 33 ක් පුරාවට ක්‍රියාත්මක විය.නොම්මර 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ශානක වේගපන්දු යවනන්ට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙමින් මැදපෙල පිතිකරණ බලඇණියේ කොඳු නාරටිය විය.කෙසේ නමුත් නිඛිල් තව දුරටත් අවධාරණය කරන්නේ මීලඟ සුපිරි හතර දෙනාගේ වටයේදී මීට වඩා ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් ලකුණු අතරට පිවිසිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button