Cricket KnowledgeEXCLUSIVE

අත්දැකීම් හා ජ්‍යේෂ්ඨත්වය මතින් සාර්ථකත්වය කරා යන ඩේවිඩ් මිලර්

දකුණු අප්‍රිකානු සංචිතය සතු වඩාත් ජ්‍යේෂ්ඨතම මෙන්ම අත්දැකීම් අතින් බහුලතම ක්‍රීඩකයාද වන්නේ ඩේවිඩ් මිලර්.සිය වෘත්තීමය ක්‍රිකට් දිවිය තුල මිලර් මේ ගෙවාදමන්නේ අතිශය සාර්ථක කාර්තුවකි.පිතුකරුවෙකු වශයෙන් නිරන්තර දස්කම් අතර රැඳෙන්නට මිලර් හට 2021 වසර ආරම්භයේ සිටම අවකාශය ලැබුණි.ඔහුගේ සේවය දකුණු අප්‍රිකානු කණ්ඩායම භුක්ති විඳින්නේ වසර 12 ක සිට වන අතර 2010 වසරේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගන්නට මිලර් සමත් විය.එක් එක් කාල සමයන් තුල විවිධ වගකීම් පැවැරුණු මිලර් හට විස්සයි විස්ස පිටියේ බොහෝ කාල සමයන් තුල බොහෝ නායකයන් යටතේ බොහෝ දෑ තම ක්‍රිකට් දිවියට එක්කරගන්නට හැකියාවක් ලැබී තිබුණි.

නමුත් පසුබෑමකින් අනතුරුව මිලර් 2021 වසර ආරම්භ කරන්නේ සංක්‍රාන්ති සමයකින් පසුවය.මිලර්ගේ අවසන් විස්සයි විස්ස තරඟාවලියේදී ඔහු දකුණු අප්‍රිකානු මැදපෙල නැංගුරම ඔහු බව යලි යලිත් පෙන්නුම් කරන්නට සමත් වී තිබේ.තම ක්‍රිකට් දිවියේ මුල් කාලය තුල මිලර් හට දේදුණු දේශය වෙනුවෙන් විශාල ඉනිම් කරා යන්නට ලැබුණු අවස්ථා ගණන සීමිත වූයේ එකල දකුණු අප්‍රිකාව සතුව ප්‍රභල ස්ථාවර මුල් පෙලක් තිබීම හේතුවෙනි.

මංගල තරඟයේ සිට මිලර් වසර ගණානවක් යන තුරු නිරන්තරයෙන් ලකුණු අතර රැඳීමේ ගැටලුවකට මුහුණ දුන්නේය.තම මංගල විස්සයි විස්ස අර්ධ ශතකය ලබාගන්නට මිලර් හට වසර 6 ක් බලාසිටින්නට සිදුවිය.තරඟ 30 කට අධික සංඛ්‍යාවකට පසු මිලර් තම මංගල අර්ධශතකය රැස් කරන්නට සමත්වූයේ 2016 වසරේදීයි.

නමුත් ජාත්‍යන්තර පිටියේ අසාර්ථක කාල සීමාවකදීත් ඔහු ලොව වටා ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරඟාවලීන් වල නිරන්තර දස්කම් අතර රැඳෙන්නට වගබලාගත්තේය.මිලර් ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල 2013 හා 2014 වසර තුලදී එක් ශතකයක් ද සමඟින් ලකුණු 864 ක් රැස් කරන්නට සමත් වීමත් සෙසු ලීග් තරඟ තුල වඩාත් හොඳ දස්කම් අතර සිටීමත් දකුණු අප්‍රිකානු මැදපෙලට මිලර්ගේ අවශ්‍යතාවය දැඩි ලෙස දැනුණු හේතු අතරට එක් විය.

2015-2021 අතර කාලය තුලදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මිලර් හට විස්සයි විස්ස පිටියේ ලැබුණු අවස්ථාද සීමිත විය.2021 වසරේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඔහු විස්සයි විස්ස තරඟ 17 කට ක්‍රීඩා කල නමුත් පෙර සඳහන් කල කාල පරිච්ඡේදය තුල ඔහු එක් වසරකදී තරඟ 10 ක් ඉක්මවා ක්‍රීඩා කර තිබුණේ 2017 දී පමණි.

මිලර්ගේ මංගල ශතකය බංග්ලාදේශයට එරෙහිව එම වසරේදීම රැස් කල නමුත් මිලර්ට එම දස්කම් හා රිද්මය අඛණ්ඩව පවත්වාගෙන යන්නට නොහැකිවිය.ඉන් අනතුරුව ජාත්‍යන්තර පිටියේ මිලර්ගේ ප්‍රහාර වේගය විශාල වශයෙන් කඩාවැටුණු අතර අතිශය අසාර්ථක අයිපීඑල් තරඟවාර 6 ක් ද ගෙවාදමන්නට ඔහුට සිදුවිය.

නමුත් මිලර්ගේ නැවත පැමිණීම තුල ඔහු පෙරට වඩා ස්ථාවර පිතිකරුවෙකු බවට පරිවර්තනය කර තිබේ.ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුල 2021 වසරේදී ලකුණු 377ක් රැස් කල මිලර්ගේ සාමාන්‍ය 47 ක් හා ප්‍රහාරක වේගය 149 කි.මිලර්ගෙ නව ප්‍රවේශයත් සමඟින් කුළුදුල් අයිපීඑල් තරඟාවලියට එක්වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තුල ඉඩක් මිලර් හටද වෙන්විය.මීට පෙර පංජාබ් කිංග්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් නියෝජනය කල මිලර් තම නව කණ්ඩායම වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මේ වසරේ ශූරයන් වීම දක්වා රැගෙන ඒමේ ප්‍රධානතම වගකීමක් ඉටු කලේය.තරඟ 16 කදී ලකුණු 481 ක් රැස් කල මිලර්ගේ සාමාන්‍ය 68 ක් වූ අතර ප්‍රහාරක වේගයද 142 ක් බවට සටහන් ව තිබුණි.එය එක් අයිපීඑල් තරඟවාරයක් අවසානයේදී මිලර් වාර්ථාකල ඉහළම් සාමාන්‍ය හා දෙවන ඉහළම ප්‍රහාරක වේගයද වූවා.

මේ වසරේදී ඔහු තම දෙවන විස්සයි විස්සයි ජාත්‍යන්තර ශතකය වාර්ථා කරන්නට සමත් වූ අතර මේ වසරේදී මේ දක්වා මිලර්ගේ සාමාන්‍ය 56 ක් හා ප්‍රහාරක වේගය 186 ක් විය.

පිතිකරණ ලැයිස්තුවක් තුල ඉහල පහල යමින් හිඩැස් පිරවූ මිලර් හට දකුණු අප්‍රිකානු කණ්ඩායම තුල නිශ්චිත පිතිකරණ ස්ථානයක් වෙන්වීම තුල මිලර් සාර්ථක නව ගමනක් අරඹා තිබෙන බව පෙනෙන්නට තිබේ.ජ්‍යේෂඨත්වය හා අත්දැකීම් මතින් දකුණු අප්‍රිකාවට තීරණාත්මක කාල සමයක ජයග්‍රහණ නිර්මාණය කරදීමට මිලර් හට හැකියාව තිබෙන බව ඔහු දැන් පුන පුනා පෙන්නුම් කරන්නේ නිරන්තර දස්කම් අතර රැඳෙමින් වීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button