Cricket NewsEXCLUSIVEIPL

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට අවශ්‍ය වූ ලකුණු 16 පිට පිටම එල්ල කල දැවැන්ත හයේ පහර 3කින් සම්පුර්ණ කළ David Miller

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ PLAY-OFF හෙවත් තරඟාවලියේ අවසන වටය අද ආරම්භ වුවා.

ඒ Rajasthan Royals සහ Gujarat Titans කණ්ඩායම් අතර තරඟයෙනි, මෙම තරඟයෙන් Rajasthan Royals කණ්ඩායමට කඩුලු 7ක පරාජයක් අත් කරමින් Hardik Pandya නායකත්වය දරන Gujarat Titans කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර් දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුවා.

ඒ අනුව ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් පන්දුවාර 19.3 අවසානයේ කඩුලු 3 පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුනා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ David Miller පන්දු 38ක් තුල වේගවත් ලකුණු 68ක් රැස් කල අතර ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

මේ අතර තරගයේ අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් අවශ්‍ය වූ අතර Prasidh Krishna විසින් යොමු කළ අවසන් පන්දුවාරයේ පලමු පන්දු 3ටම දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් මෙවර තරඟාවලියේ අවසන් මහා තරයට Gujarat Titans කණ්ඩායම කැඳවා ගෙන යාමට David Miller සමත් වුනා.

අවසන් පන්දුවාරයට අවශ්‍ය වූ ලකුණු 16 පිට පිටම එල්ල කල දැවැන්ත හයේ පහර 3කින් සම්පුර්ණ කළ David Miller

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button