Cricket GossipCricket NewsEXCLUSIVE

වත්මන් ක්‍රීඩකයින්ගේ විනය ගැටළුව අද ඊයේ පටන් ගත්ත එකක්ද ? – ක්‍රිකට් රසිකයකුගෙ හරවත් විග්‍රහයක් මෙන්න

වත්මන් ක්‍රීඩකයින්ගේ විනය මේ වෙනවිට සමාජයේ විශාල පිලිකුලකට පත් කරන දෙයක්…
හැබැයි මේ දේවල් පටන් ගත්තේ අද ඊයෙක නෙමෙයි.

දැන් වනිඳු හසරංග නිසා අනිත් සේරම අමතකයි. මීට පෙර එංගලන්ත සංචාරයේදී බයෝ බබල් කඩලා නීති උල්ලංඝනය කරපු දනිෂ්ක , දික්වැල්ල , මෙන්ඩිස් ට මොකද වුනේ…ඒ අයට තරග තහනම් පැනවුවත් ඒ තහනම් කාලය අඩු කරලා කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයින්ව ආයෙමත් කන්ඩායමට ගෙනාවා.

ඒ ගෙනාපු මෙන්ඩිස් අද එක්දින කන්ඩායමේ නායකයා බවටත් පත් කරා… නායකයා විදියට පිටිය තුල සහ මාධ්‍ය ඉදිරියේ ඔහු හැසිරුණ විදිහත් ඔබට මතක ඇති !

එතකොට වනිඳු හසරංග,
නායකයා වෙන්න කලිනුත් සමහර සිද්ධි නිසා හරි හෝ වැරදි චෝදනා එල්ල වුනු අයෙක්.. නායකයා වුනාට පස්සෙත් ලෝක කුසලානයට කලින් බංග්ලාදේශ තරගාවලියේදී තරග තහනම් වලට වුනා. හැබැයි බලධාරීන් මොකද කරේ… ලෝක කුසලානයේ පලවෙනි මැච් දෙක අහිමි වෙන්න ගිය වනිඳු හසරංගව බේරා ගත්තා. ඒ ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගත් වනිඳුගේ ටෙස්ට් සමු ගැනීම අවලංගු කරලා අනතුරුව තිබුන බංග්ලාදේශ ටෙස්ට් තරග දෙකට වනිඳු හසරංගව ඇතුලත් කරලා…
ඔය කිහිපයක් විතරයි !

තව ඇති තරම් තියෙයි. ඒවා ඔයාලා මතක් කරගෙන යන්න. කතාව මේකයි !
ඇත්ත…

ක්‍රීඩකයෙක්ගේ විනය පිලිබඳ ලොකුම වගකීම තියෙන්නේ ඒ ක්‍රීඩකයාට, හැබැයි ඒ ක්‍රීඩකයින් තමන්ගේ විනයට හානි වෙන විදියට කටයුතු කරනවා නම් රටේ කීර්ති නාමයට හානියක් කරනවා නම් ඒ සම්බන්ධව දැඩි තීරණ ගන්න බලධාරීන් දැනගන්න ඕනි !

මොකද මේ මගින් විනාශ වෙන්නේ මේ මහත්මා ක්‍රීඩාව සහ ඒ ක්‍රීඩකයා විතරක් නෙමෙයි. රටේ සමස්ත කීර්ති නාමයම.. මොකද මේ ක්‍රීඩකයින් නියෝජනය කරන්නේ අපේ රට…

ළමයෙක් වුනත් වැරැද්දක් කරනවා නම් ගහලා බැනලා හරි ඒ දෙමව්පියෝ ඒ දරුවන්ව හරියට හදා ගන්න ඕනි. එහෙම නොකරොත් වෙන්නේ ඒ ළමයින්ගේ ඇට්ටරකම් ඉස්සරහට තවත් වැඩි වෙලා අවසානයේ මුලු සමාජයටම පිලිලයක් වෙන එක,
දැන් ශ්‍රි ලංකා ක්‍රිකට් වලට වෙලා තියෙන්නෙත් ඒක,

මහත්මාවරුන්ගේ ක්‍රීඩාව විනාශ කරන රටේ ගෞරවය නැති කරන මේ විනයක් නැති ක්‍රීඩකයින්ට නිසි දඩුවම් දුන්නා නම් ඒ ක්‍රීඩකයින් විතරක් නෙමෙයි තව හෙට අනිද්දට ජාතික කන්ඩායමට එන්න ඉන්න ක්‍රීඩකයින් ද වැරැද්දක් කරන්න කලින් දෙපාරක් හිතනවා.

මේ වගේ විනයක් නැති ක්‍රීඩකයින්ට දැනෙන්න දඩුවම් නොකරන එකෙන් වෙන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් වර්තමානය විතරක් නෙමෙයි ශ්‍රි ලංකා ක්‍රිකට් අනාගතයත් විනාශ වෙන එක !

– Rishie Bro –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button