Cricket NewsEXCLUSIVEPremier League

ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Manipal Tigers කන්ඩායමට තියුණු ජයක් අත්කර දීමට දිල්හාර ප්‍රනාන්දු සමත් වේ.

ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Manipal Tigers කන්ඩායම ලකුණු 3ක තියුණු ජයක් ලබා ගන්නවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් දිල්හාර ප්‍රනාන්දු කැපිපෙනෙන දක්ෂතා දක්වනවා.

Manipal Tigers කන්ඩායම වෙනුවෙන් තරගයේ අවසාන පන්දුවාරය යොමු කල දිල්හාර ප්‍රනාන්දු ,
OUT,1️⃣,2️⃣,OUT,1️⃣,1️⃣

අවසාන පන්දුවාරයේ ලකුණු 9ක ජයග්‍රාහී ඉලක්කය සොයන්නට ආ Bhilwara Kings පිතිකරුවන්ට ලකුණු 5ක් පමණක් ලබා දී කඩුලු දෙකක් දවා ගනිමින් දිල්හාර ප්‍රනාන්දු තරගයේ ජය Manipal Tigers කන්ඩායමට දිනා දෙනවා.
මීට පෙර 18වෙනි පන්දුවාරයේදිත් පන්දුව අතට ගත් දිල්හාර ප්‍රනාන්දු ප්‍රහාරාත්මක පිතිකරු ඉර්ෆාන් පතාන්ගේ කඩුල්ලත් දවා ගැනීමට සමත් වෙනවා.

අවසානයේ සමස්ත තරගය පුරා දිල්හාර සිය පන්දුවාර 4තුල,
ලකුණු 31කට කඩුලු 4ක් දවා ගන්නවා.

තරගයේ වීරයා සම්මානයත් දිල්හාර ප්‍රනාන්දුට හිමි වෙනවා. ♥️

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button