Cricket GossipCricket NewsEXCLUSIVE

ක්‍රිකට් වලට අත්පොත් තැබීමට ගුරුහරුකම් දුන් ධර්මාශෝක විද්‍යාලයට දිනේෂ් චන්දිමාල් කලගුණ සලකයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතා විසින් ලෝක ළමා දිනය දා අම්බලන්ගොඩ “රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය” නොමසුරුව අරමුදල් සපයා විවෘත කර ඇත.

මෙම ගෘහස්ථ ක්‍රීඩාංගනය රු. විදුහල්පති සනුජා ජයවික්‍රම මහත්මියගේ මඟපෙන්වීම යටතේ ධර්මාශෝක විද්‍යාල පරිශ්‍රය තුළ මිලියන විස්සක් ඉදිකරන ලදී.

වැදගත්ම දෙය නම් එය ධර්මාශෝක විද්‍යාලයට පමණක් නොව අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සහ කුලරත්න විද්‍යාලයේ දරුවන්ටද අදාළ වීමයි.

දිනේෂ් කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා කිරීමේ සිට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු දක්වා පැමිණි ගමන පුරාවට තමාට සහය වූ “ඩිමෝ සමූහ ව්‍යාපාරයේ” සභාපති රංජිත් පණ්ඩිතගේ මහතාගේ නමින් මෙම ක්‍රීඩාංගණය නම් කළේය. දිවා රාත්‍රී පුහුණුවීම් සඳහා මෙම ක්‍රීඩාංගණය භාවිත කළ හැකියි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ අනුමැතිය සහ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිකිරීම් සඳහා දායක විය. දිනේෂ්ගේ පළමු පුහුණුකරු අශෝක කුමාර මහතා මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

දිනේෂ් චන්දිමාල් ධර්මාශෝක විද්‍යාලයට වයස 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම්වලට මෙන්ම 2004 සහ 2005 වසරවල විද්‍යාල ක්‍රිකට් තරගවලටද ක්‍රීඩා කර ඇත.

දිනේෂ්ගේ පරම පැතුම තමා උපන් ගමේ කෙනෙක් කවදාහරි ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරනවා දකින්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button