Cricket NewsDomestic CricketEXCLUSIVE

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන TWILIGHT T20 තරඟාවලිය සඳහා Endeavour Hills කණ්ඩායම වෙනුවෙන් දිමුත් හා තිරිමාන්නත් එක්වෙයි !

ඔස්ට්‍රේලියානු දේශීය විස්සයි විස්ස තරඟාවලියක් වන Twilight T20 තරඟාවලිය එලඹෙන නොවැම්බර් මස අගභාගයේදී ආරම්භ වීමට නියමිතයි.මෙවර තරඟ වාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙන්ම සුරංග ලක්මාල්ද එක්ව සිටිනවා.මෙවර තරඟවාරයේදී Endeavour Hills කණ්ඩායම මුහුණදුන් අවසන් තරඟයේදී Frankston Peninsula CC කණ්ඩායමට එරෙහිව ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරුණේ දිමුත්ට හා ලහිරු තිරිමාන්නට යි.

කෙසේ නමුත් එලඹෙන විස්සයි විස්ස තරඟාවලියේදී කණ්ඩායමේ නායකත්වය හිටපු ශ්‍රී ලංකා නායක ටී එම් ඩිල්ශාන් හට හිමිව ඇති බවට ද වාර්ථා වන අතර හිටපු කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්,එංගලන්ත පිතිකරු ඩේවිඩ් මලාන්,පකිස්තානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශොයිබ් මලික් ද එක්ව සිටී.

සුරංග ලක්මාල්,දිමුත් කරුණාරත්න,ලහිරු තිරිමාන්න,ටී එම් ඩිල්ශාන් මෙවර විස්සයි විස්ස තරඟාවලියේදී Endeavour Hills හි ශ්‍රී ලංකා නියෝනජනයන් වන අතර තරඟාවලිය ලබන නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7