වයස අවුරුදු 13දී කෝටිපතියෙකු වූ IPL ක්‍රීඩකයාගෙ වයස බොරු එකක් ?
වයස අවුරුදු 13දී කෝටිපතියෙකු වූ වෛබාව් සූර්යවංශීගේ වයස සොරකම් කරන ලද එකක් බවට විශාල මතයක් ගොඩනැඟී ඇති අතර, එය සම්පූර්ණ අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශක් බව ඹහුගේ පියා වන සංජීව් සූර්යවංශී පවසා සිටී.
අයිපීඑල් ක්‍රිකට් ඉතිහාසයේ වයසින් අඩුම ක්‍රීඩකයා වූ වෛබාව් සූර්යවංශී ඉන්දීය රුපියල් කෝටි 1.1කට (ශ්‍රී ලංකා රු. කෝටි 4ක්) රාජස්ථාන් රෝයල්ස් පිල මිලට ගත්තේය. ලක්ෂ 30ක (ශ්‍රී ලංකා රු. කෝටි 1.4ක) මුදලකට අයිපීඑල් වෙන්දේසියේදී මූලික ලංසුවකට යටත් කොට සිටි සූර්යවංශී රාජස්තාන් රෝයල්ස් පිල වැඩිම මිලක් තීරණය කොට කණ්ඩායමක් ලබාගත් ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයාගේ වාර්තාව පිහිටුවූවේය.
සූර්යවංශී පිළිබඳ එම සංවාදය මැද තවත් වාද විවාද මතුවෙන්නට පටන් ගත්තේය. ඔහුට ඇත්තටම වයස 13ද? දහතුනේ කොල්ලෙක් මේ වගේ හයියෙන් හයේ ඒවා ගහන්නේ කොහොමද? බොහෝදෙනෙක් එවැනි ප්‍රශ්න මතු කර ඇත. කෙසේ වෙතත්, වෛබාගේ පියා වන සංජීව් සූර්යවංශී තම පුතාගේ වයස පිළිබඳ ප්‍රශ්නයට අභියෝග කළේය.
ඔහු මාධ්‍ය වෙත පැවසුවේ “සූර්යවංශී වයස අවුරුදු 8ක් වෙද්දී එල්ල කරන පහරවල් දැකලා ඉන්දීය ක්‍රිකට් ආයතනය අස්ථි පරීක්ෂණයක් කළා. මගේ පුතා දැනටමත් අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. කොච්චර ආන්දෝලනාත්මක කතා හැදුවත් අපි කාටවත් බය නැහැ. අවශ්‍ය නම් ඔහු නැවතත් වයස් පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට සූදානම්” යනුවෙනි.
“මම මගේ පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න ඉඩමත් වික්කා. තාම ඒක බේරගන්න බැරි වුණා. මගේ පුතා සාර්ථක වුණොත් හැමදේම හොඳින් වේවි. එයාට ඕන ක්‍රිකට් ගහන්න විතරයි” සූර්යවංශීගේ පියා පැවසීය.
“ඔහු සැබවින්ම උපත ලැබුවේ 2009 සැප්තැම්බර් 27 වැනිදාය. ඒ නිසා දැන් අවුරුදු 15ක් වෙන්න ඕන. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිල වයස ටිකක් අඩුවෙන් පෙන්වීමේ ප්‍රවණතාවක් තිබෙනවා” සූර්යවංශීගේ වයස පිළිබඳ ප්‍රශ්නය දත්ත සහිතව අභියෝගයට ලක්කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු සඳහන් කර ඇත.