Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය බංගලදේශ U19 හිටපු ප්‍රධාන පුහුණුකරු නවීඩ් නවාස් මහතාට හිමි වීමට නියමිත බව අනාවරණයක්.!

පසුගිය බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හෙබවූ මිකී ආතර් මහතා සිය ගිවිසුම් කාලය අවසන් වීම හේතුවෙන් ඉන් ඉවත් වුණා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු තරග සංචාරයත් මේ වන විට ක්‍රීඩා කරන ඉන්දීය තරග සංචාරයත් ක්‍රීඩා කරනු ලැබුවේ ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිව වැඩබලන පුහුණුකරුවෙකු යටතේයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධුරය පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක්ම පසුගිය දා සිදු වූ අතර විදෙස් පුහුණුකරුවන් කිහිප දෙනෙකුම සඳහා දැඩි තරඟකාරීත්වයක් ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

මේ අතර අද දිනයේදී පකිස්තානය ජනප්‍රිය පුවත් පතක් වන Pakistan Observer පුවත්පත වාර්තා කරන ආකාරයට ‍ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණු කාරීත්වය නවීඩ් නවාස් මහතා හට ලබාදීමට සූදානමක් ඇති බව අනාවරණය කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් සඳහන් කරමින් දක්වා තිබෙන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක කමිටුවේ පළමු තේරීම වි ඇති බවයි.

නවීඩ් නවාස් මහතා 2019 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාවය කරා බංගලාදේශ කණ්ඩායම මෙහෙයවූ ප්‍රධාන පුහුණුකරුවාද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7