Cricket NewsEXCLUSIVELPL

භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් මෙවර කුළුඳුල් LPL ශුරතා ජයග්‍රහණය වෙනුවෙන් සටන් වදින ප්‍රභල Galle Gladiators කණ්ඩායම.!

ශ්‍රී ලංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි.

එළඹෙන දෙසැම්බර් මස 5 වනදා සිට කොළඹ සහ හම්බන්තොට ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග වදින ප්‍රභලම කණ්ඩායමක් ලෙස සැලකිය හැකි, පසුගිය වසරේ අනුශුරයන් වන Galle Gladiators කණ්ඩායමේ නායකත්වය හිමිවී තිබෙන්නේ ‍ශ්‍රි ලංකා සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂහටයි.

භානුක රාජපක්ෂ පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ද ශ්‍රී ලංකා වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර මේ වනවිට පැවැත්වෙන ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය වන අබුඩාබි T10 තරගාවලියේ ද ඉතා විශිෂ්ට දස්කම් දක්වමින් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම පසුවනවා.

භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටන්වදින Galle Gladiators කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් වන්නේ Danushka Gunathilaka, Isuru Udana, Angelo Jayasinghe, Mohammad Amir, Sarfraz Ahmed, Tabraiz Shamsi, Anwar Ali, Dhananjaya Lakshan, Ashan Daniel, Mohommed Shamaaz, Nuwan Thushara, Samit Patel, Suminda Lakshan, Pulina Tharanga, Kusal Mendis, Lahiru Madushanka, Dilshan Madushanka, Kevin Koththigoda, Mohammad Hafeez, Angelo Jayasinghe, සහ Ben Dunkය.

පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ Galle Gladiators කණ්ඩායමට මෙවර මෙම විශිෂ්ට බලඇණියක් සමඟ සිය ප්‍රථම ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබේවිද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7