Cricket GossipCricket NewsEXCLUSIVELPLPremier League

දිනෙන් දින ඉහළ යන පිය­යුරු පිළිකා පිළි­බඳ දැනු­ම්වත් කිරීමට දඹුලු පිල හා ගාලු පිල හෙට රෝස පැහැයෙන් වර්ණවත් වෙයි

එල්පී­එල් තර­ගා­ව­ලිය යටතේ හෙට (14) ගෝල් පිලට එරෙ­හිව පැවැ­ත්වෙන තර­ග­යේදී දඹුල්ල සික්සර්ස් ක්‍රීඩ­කයෝ රෝස පැහැති ඇඳු­ම­කින් සැරසී තරග බිමට පිවි­සී­මට නිය­මි­තය. මෙරට තුළ දිනෙන් දින ඉහළ යන පිය­යුරු පිළිකා පිළි­බඳ දැනු­ම්වත් කිරීම සහ ප්‍රචා­ර­ණය කිරීමේ වැඩ­ස­ට­හ­නට සහ­යෝ­ග­ය­දීම මෙන්ම මූලික අව­ධි­යේ­දීම පිළිකා හඳුනා ගැනීම සඳහා අව­ධා­නය යොමු කිරීම, ස්වයං පරී­ක්ෂා­වන් දිරි­ගැ­න්වී­මට වැඩි අව­ධා­න­යක් ලබා­දීම මීට හේතුව වී ඇත.

මෙලෙස රෝස පැහැ­යෙන් සැර­සී­මෙන් ස්වයං පියුරු පරී­ක්ෂාව මඟින් එම රෝගී තත්ත්වය කලින් හඳුනා ගැනීම ප්‍රව­ර්ධ­නය කිරීම ද මෙහි අර­මු­ණක් වී ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩා කරන රට­වල විවිධ කණ්ඩා­යම් ද මෙලෙස සිදු කර තිබිණි.

මින් පෙර තර­ග­ව­ලදී කහ සහ නිල් මිශ්‍ර ඇඳු­ම­කින් ක්‍රීඩා කළ දඹුලු ක්‍රීඩ­කයෝ මේ අනුව රෝස පැහැති ජර්සි­ය­කින් සැරසී රෝස පැහැති අත් පටි­යක් බැඳ තරග කිරී­මට නිය­මි­තය.

මේ අතර මේ කාර්ය­යට සහ­යෝ­ගය ලබා­දෙන බව ගෝල් මාව්ල්ස් කණ්ඩා­යම ද නිවේ­ද­නය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ කොළ පැහැ­යෙන් යුතු ඇඳු­මට රෝස පැහැය එක් කර ගැනී­මට කට­යුතු කර ඇත.

මේ කාර්ය­යට සහ­යෝ­ගය දැක්වීම සඳහා හෙට තර­ගය නැර­ඹී­මට පැමි­ණෙන ක්‍රීඩා ලෝලී­න්ටත් ක්‍රීඩාං­ගණ පරි­ශ්‍ර­යේදී රෝස පැහැති ටීෂ­ර්ට­යක් මිල දී ගැනී­මට අව­ස්ථාව සලසා ඇති අතර, එම­ඟින් ඔවුන්ට ද මෙයට දාය­ක­ත්වය දීමට හැකි­යාව ලැබේ.

මින් ලැබෙන සියලු මුදල් පිළිකා රෝගීන් වෙනු­වෙන් ඇති අර­මු­දල වෙත පරි­ත්‍යාග කිරී­මට නිය­මි­තය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button