Cricket NewsEXCLUSIVELPLPremier League

පන්දුවත් පිත්තත් අතර සටනකට පසුව යාපනය ‘කිංග්ස්’ පිල පරාජය කළ ගාල්ල මාවල්ස් ක්‍රීඩකයෝ ජය ගනී

පන්දුවත් පිත්තත් අතර කදිම සටනකට පසුව යාපනය ‘කිංග්ස්’ පිල පරාජය කළ ගාල්ල මාවල්ස් ක්‍රීඩකයෝ තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ. 2024 එල්.පී.එල්. තරගාවලියේ දෙවැන්න වූ මෙම තරගය ඊයේ(02 වැනිදා) පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පැතුම් නිස්සංස (51) සහ අවිශ්ක ප්‍රනාන්දු (59) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 81 ක සම්බන්ධතාව මත සිටගත් යාපනය කිංග්ස් ක්‍රීඩකයෝ, සිය ඕවර 20 නිමාවේදී ගාල්ල ‘මාවල්ස්’ පිලට එරෙහිව කඩුලු 7 කට ලකුණු 177 ක් ලබාගත්හ. ලකුණු 178 ක ඉලක්කයක් කරා ගිය ගාල්ල පිතිකරුවන්ට අවසන් ඕවර 4 දී (පන්දු 24 කින්) ලකුණු 49 ක් අවශ්‍යව තිබිණ.

17 සහ 18 වැනි ඕවර දෙකේදී ලකුණු 29 ක් ලබාගත් ජනිත් ලියනගේ සහ භානුක රාජපක්‍ෂ දෙදෙනා, ඉලක්කය පන්දු 12 කින් ලකුණු 20 ක් දක්වා වෙනස් කර දුන්හ. අවසන් ඕවරයේදී අවශ්‍ය වූයේ ලකුණු 9 කි. ඉනිමේ අවසන් පන්දුව කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමාවට යැවූ සහන් ආරච්චිගේ ගාල්ල කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button