Cricket GossipCricket NewsEXCLUSIVE

“වසර හත­ර­කට පසු, හර්දික් සහ මම වෙන්වී­මට තීර­ණය කළා. අපි එකට ඉන්න හැම විටම උත්සාහ කළා” – හර්ඩික්ගෙ බිරිද නටාශා Instagram හි විශේෂ සට­හ­නක් පළ කරමින් දික්කසාද වෙයි

ශ්‍රී ලංකා­වට ඉන්දීය විස්සයි20 නාය­කයා ලෙස පැමි­ණී­මට නිය­මි­තව සිටි හර්දික් පාණ්ඩ්‍යාගේ පවුල් ජීවි­ත­යද වෙනස්වී තිබේ. හර්දික් පාණ්ඩ්‍යා හා බිරිය නතාෂා ස්ටැන්කො­වික් දික්ක­සාද වූ බව නතාෂා ඊයේ නිවේ­ද­නය කළාය. ඇය තම විවා­හයේ දික්ක­සා­දය නිවේ­ද­නය කළේ Instagram හි විශේෂ සට­හ­නක් පළ කිරී­මෙනි. හර්දික් පාණ්ඩ්‍යාද එවැනි සට­හ­නක් පළ කිරී­මෙන් මෙය තහ­වු­රුවී තිබේ. ඔවුන් දෙදෙ­නාම එක්ව තම පුත් අග­ස්තිව ඇති දැඩි කරනු ඇති බවත්, ඔවුන්ගේ සිව් අවු­රුදු සම්බ­න්ධ­තා­වය අව­සන් කරන බවත් ඇය ප්‍රසි­ද්ධි­යේම ප්‍රකාශ කළාය.

සර්බි­යානු ජාතික නිරූ­පණ ශිල්පි­නි­යක්වූ නටාෂා මෙසේ සට­හ­න්කොට තිබිණි. “වසර හත­ර­කට පසු, හර්දික් සහ මම වෙන්වී­මට තීර­ණය කළා. අපි එකට ඉන්න හැම විටම උත්සාහ කළා. ඒත් අන්ති­මට අපි දෙන්නා එක­තු­වෙලා වෙන් වෙන්න තීර­ණය කළා. මෙය අප ගත් නිවැ­රදි තීර­ණ­යයි. නමුත් මෙම තීර­ණය ගැනීම ඉතා අප­හසු වුණා. අපි පවු­ලක් හැදුවා. එකි­නෙකා සමඟ හොඳ කාල­යක් ගත කළා. ඒත් දැන් නිල වශ­යෙන් වෙන් වූවා” ඇය සට­හන් කළාය.

හර්දික්ගේ නාය­ක­ත්ව­යෙන් 2022දී ගුජ­රාට් ටයි­ටන්ස් කණ්ඩා­යම ශූර­තාව දිනා­ගත් දින නතාෂා පිටි­යට බැස එකි­නෙකා සිප­ගෙන ඡායා­රූප ගත්තද මෙවර ලෝක කුස­ලාන ජය­ග්‍ර­හ­ණ­යේදී එවැනි දර්ශ­න­යක් නොදුටු බව ඉන්දීය මාධ්‍යයේ දැඩි කතා­බ­හ­කට ලක් විය. දික්ක­සා­ද­යත් සමඟ හර්දික් පාණ්ඩ්‍යා සතු දේප­ළ­ව­ලින් සිය­යට 70ක් නටා­ෂාට හා පුතු අග­ස්ත්‍යාට හිමි­වන බව ඉන්දීය මාධ්‍ය සඳ­හන් කර සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button