Cricket NewsEXCLUSIVE

තවත් පැය 48කින් ඇරඹෙන විස්සයි-20 ක්‍රිකට් සැණකෙළිය නරඹන සියලුම ක්‍රම මෙන්න – පාරේ තොටේ යන ගමනුත් මැච් එක බලන්නෙ මෙහෙමයි.!

ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ වැඩිම අවධානයක් හිමි වන දැවැන්ත ක්‍රිකට් සැණකෙලිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 48ක ටත් අඩු කාලයක්.

ආසියානු ශූරතාව ජයග්‍රහණය කරමින් ජයග්‍රහි මානසිකත්වයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමක, සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ සිට එනම් මෙවර ලෝක කුසලාන ආරම්භ වන පළමු තරඟයේ සිටම තරග බිමට පිවිසීමට නියමිතයි.

එදා මෙදා තුර විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසය සාර්ථකම කණ්ඩායම ලෙසින් තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ක්‍රිකට් ලෝකයේ ම අවධානය හිමි කරගෙන අවසන්.

ඒ අනුව එළඹෙන ඉරිදා සිට ඇරඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ට නැරබීමට පහත ක්‍රම ඔස්සේ හැකියාව ලැබෙනවා.

Analog සංඛ්‍යාත ඔස්සේ තරඟ නරඹන සියලුම ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන්ට සිරස TV ඔස්සේ සජිවීව තරඟය නැරඹීමට හැකිය.

PeoTV පාරි⁣භෝගිකයන් තරඟය නැරඹිය යුතු ආකාරය –

Event TV – Ch no.20
Event TV HD – Ch no.310

එමෙන්ම ‘PEO TV GO’ ඇප් එක ඔස්සේද සජීවීව නැරඹීමට හැකිය.

Freesat පාරිභෝගිකයන් තරඟය නැරඹිය යුතු ආකාරය –

ASports HD – Ch no.104
PTV Sports HD – Ch no.105

Dialog TV පාරිභෝගිකයන් තරඟය නැරඹිය යුතු ආකාරය

Star Sports 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button