Cricket NewsEXCLUSIVEIPL

“ඔහුගේ පිතිකරණය අපිට සනත් ජයසූරියව සිහි කරවනවා” – භානුක රාජපක්ෂ පිතිකරණයේ යෙදී සිටයදී කෙවින් පීටර්සන් කියපු කතාව.!

ශ්‍රී ලංකා කණ්ඩායමට වත්මන් විස්සයි-20 රටාවට ගැලපෙන ප්‍රහාරාත්මක පිතිකරුවන් සිටින්නේ අතලොස්සකටත් වඩා අඩුවෙනි.

ඒ අතුරින් භානුක රාජපක්ෂ යනු එතරම් පරිශ්‍රමයකින් තොරව පන්දුවට වේගයෙන් පහරදිය හැකි පිතිකරුවෙකි. බොහෝ ක්‍රීඩකයින් ජාත්‍යන්තර පිටියට පිවිසෙන මුල් කාලසීමාවේදී Next යනුවෙන් යොදා ලාංකේය ක්‍රිකට් පුරාවෘත්තයක වීරත්වය ආරෝපණය කරන අයුරු දැක ඇත්තෙමු.

කුසල් මෙන්ඩිස් next මහේල , චරිත් අසලංක next සංගක්කාර … මෙකී සෑම ආකරයකින්ම නවක ක්‍රීඩකයින් හට වීරත්වය ආරෝපණය කරද්දී භානුකට ලාංකේය ක්‍රීඩා ලෝලීන් වීරත්වය ආරෝපණය කරන්නට එතරම් කැමත්තක් හෝ උනන්දුවක් දැක්වූයේ නැත.

සැබැවින්ම භානුක යනු වෙනස්ම ආකාරයේ පිතිකරුවෙකි. භානුක වැනි ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා ජර්සියෙන් මීට පෙර සැරසී නැත. භානුක ගනයේ මුල්පෙල විස්සයි විස්ස පිතිකරුවෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්තරා ආකාරයක සිතැදගන්නා සුලු සිහිනයකි.

භානුක හට වීරත්වය ආරෝපණය නොවීම තුල ඔහු ඔහුට අනන්‍ය රූපයක් තුල ඔහු ගොඩනැගෙන්නට විය. භානුක මේ වන විටත් පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ව අවසන් ය.

ඊයේ තරඟය අතරතුර කෙවින් පීටර්සන් භානුක පිළිබඳව සඳහන් කර තිබුණි. සනත්ගේ වීරත්වය භානුකට ආරෝපණය නොකල මුත් භානුකගේ පහරවල් ඔහු මැණික් කටුව ආධාරයෙන් එල්ල කරන විට ඒවා සනත් ජයසූරියගේ හැඩයක් ගෙන තිබුණි.මේ බව කලකට පෙරද විස්තර විචාරකයින් අතින් විටින් විට කියැවුණි.

භානුකගේ උරහිස් හා පාද චලනය වන ආකාරය සනත් ජයසූරියට සමාන බව කීම කෙතරම් උචිතද යන්න භානුකගේ පිතිකරණය දකින ඕනෑම අයෙකුට සිහිකරනු ඇත.ඊයේ තරඟය අතර තුරදීද හිටපු එංගලන්ත නායක කෙවින් පීටර්සන් සඳහන් කර සිටියේ “His wrists , head position and shoulders there is so much Jayasuriya ” යනුවෙනි.

භානුක ඉදිරියෙන් හා පාඉන්න දෙසින් පහරවල් එල්ල කිරීමේදී පසුපාදයට යන්නේ කලාතුරකිනි.

සනත් ජයසූරිය ද එම පහරවල් කරා යාමේදී පසුපාදයට යන්නේ කලාතුරකිනි.ඒ ආකාරයටම භානුකගේ උරසිස් හිස හා පාද ස්ථාන ගත වී තිබෙන්නේද තවත් ජයසූරියගේ හැඩය භානුක ගේ පහරවල් වලට කාවද්දමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button